
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට කතානායකවරයාට කිසිම බලයක් නොමැති බව පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ කොළඹදී ඊයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසීය
මේ තීන්දුවේ අඩුපාඩු ගණනාවක් තියෙනවා. නියෝජ්‍ය මහා ලේකම්වරයාගේ විනය බලධාරියා මහලේකම්වරයා කථානායකවරයා නොවේ. නියෝජ්‍ය මහලේකම්වරයා වැඩ තහනම් කරන්න කථානායකවරයාට කිසිම බලයක් නෑ.
චමින්ද කුලරත්න මහතා සම්බන්ධයෙන් මූලික විමර්ශනයක් කරලා නෑ. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලැබුණු තොරතුරු ඉල්ලීමක් සම්බන්ධයෙන් කථානායකවරයා තොරතුරු සොයා බැලීමට විශ්‍රාමික අතිරේක ලේකම්වරයෙකු පත් කරනවා. ඔහුගේ වාර්තාව පදනම් කරගෙන තමයි වැඩ තහනම කරන්නේ. ඒක මූලික විමර්ශනයක් නොවේ. තොරතුරු සොයා බැලීමක් පමණයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ තහනම් කරලා තියෙන්නේ මහ ලේකම්ගේ අත්සනින්, කමිටුවක අනුමැතිය ඇතුව. මොන ලෝකෙක ජීවත්වෙනවාද මන්දා...!
ඔය කමිටුවෙන් කරලා තියෙන්නේ. ඒකෙ මහලේකම් ඉන්නවා...
තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නම බෑනේ...
ඔයත් හොදට නීතිය දන්නවානේ, දාන්නකෝ නඩුවක්...
මොඩයක්. කතානායක නොවේ වැඩ තහනම් කලේ. විමර්ශනයෙන් පසුව මහා ලේකම්වරියගේ අත්සනින් තමයි වැඩ තහනමේ ලිපිය බාර දීලා තියන්නේ. එතන විපක්ෂ නායක නියෝජනය කරමින්, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මන්ත්රීවරයාත් සහභාගිවෙලා තියන්නේ.