(නිමල කොඩිතුවක්කු)
දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මේ වනවිට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
ඒ අනුව දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් දිස්ත්‍රික්ක 19 ක පවුල් 84646කට අයත් 291720 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
දැඩි නියඟය හේතුවෙන් තවදුරටත් වැඩිම බලපෑම උතුර සහ නැගෙනහිර පළාතට සිදුව ඇති අතර උතුරු පලාතේ පවුල් 23688 කට අයත් පුද්ගලයන් 75607 කුත් නැගෙනහිර පළාතේ පවුල් 18991 කට අයත් පුද්ගලයන් 63265 කුත් බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙම ප්‍රදේශවලට බවුසර් රථ ඇතුලු වෙනත් ක්‍රම යොදාගනිමින් පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
නියඟයෙන් ලක්ෂ තුනකට දැඩි පීඩා