IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාය යෑමේ අවදානමක්: හැටන් ගමකට යන මාර්ග වසයි

රංජිත් රාජපක්ෂ

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව නිසා නාය යෑමේ අවදානමකට ලක් ව ඇති හැටන් සමනලගම ගම්මානයට පිවිසෙන මාර්ගය අද දින තාවකාලිකව වසා දැමූ බව දික්ඔය නගර සභාවේ නිලධාරිහු පවසති.

නායයාමේ අවදානමට ලක්ව ඇති ස්ථානයට පහලින් විශාල ගොඩනැගිල්ලක් ඉදි කිරිම සදහා පස් කැපිම හේතුවෙන් සමනලගම ප්‍රදේශය නායයාමේ අවධානමකට ලක් වි ඇතැයි නගර සභා සේවයෝ කියති.

මේ අතර බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් වතුයායේද වතු නිවාස පේලියකට ඉහලින් පිහිටි පස් කන්දක් කඩා වැටිමෙන් නිවාස තුනකට දැඩි අලාභ හානි සිදු වි ඇති බව වතු පාලන අධිකාරිය පවසයි. (25) දින අලුයම 5 ට පමණ එම පස් කන්ද කඩාගෙන වැටි ඇත.

අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මස්කෙලිය, බගවන්තලාව, හැටන්, වටවල, ගිනිගත්හේන, නෝටන්බ්‍රිජ් යන පොලිස් වසම් වල පවුල් 65 කට අයත් සමාජිකයන් 276 දෙනකු අවතැන් වි ඇති බවත්, එම අවතැන් වු පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට පියවර ගත් බවයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ රංජිත් අලහකොන් මහතා කියයි.



අදහස් (0)

නාය යෑමේ අවදානමක්: හැටන් ගමකට යන මාර්ග වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site