IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නාය අවදානමෙන් දුරෙක්කන්දේ පවුල් 17 ක් ඉවත් කරයි

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුරෙක්කන්ද ප්‍රදේශයේ නායයාමේ අවදානම මත පවුල් 4 ක් ස්ථිරව ද පවුල් 13ක් තාවකාලිකව ද ඉවත් කිරිමට  අද(26) පියවර ගනු ලැබීය. 

රත්නපුර වේවැල්වත්ත ප්‍රධාන මාර්ගය ආසන්යේ පිහිටි නිවසකට 25දා නිවස පිටුපස පස් කණ්ඩියක් කඩාවැටීමෙන් හානි සිදුවිය. 

එම ස්ථානය නායයාමේ දැඩි අවදානම් ස්ථානයක් ලෙස  භූවිද්‍යා හා පතල් කාර්යංශය විසින් හඳුනාගෙන තිබූ ස්ථානයක් බව රත්නපුර ප්‍රාදේශීය ලේකම් ප්‍රදීපිකා ඉලුක්කුඹුර මහත්මිය පැවසුවාය.
පවුල් හතරක් එම ස්ථානයේ පදිංචිව සිටි අතර පවුල් දෙකක්  රජයේ නැවත පදිංචි කිරීමේ වැඩසටහන අනුව වෙනත් ස්ථානයක පදිංචියට ගොස් ඇතිබව ප්‍රාදේශීය ලේකම්වරිය කීවාය.

පවුල් දෙකක් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නිවාස මිලදී ගැනීමට කටයුතු කරමින් එම ස්ථානයේ ම පදිංචි ව සිටිති. 25දා පස් කණ්ඩිය කඩාවැටීමෙන් ඉන් එක් නිවසකට දැඩි ලෙස හානි සිදුව ඇත.
අධික වැසි පවතින නිසා භූවිද්‍යා හා පතල් කාර්යාංශයේ දැනුම්දීම මත 24දා සවස ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාගේ ද උපදෙස්මත නිවැසියන් වෙනත් ස්ථානයකට ගොස් තිබුණි.
නිවස පිටුපස ඉවුරෙන් 24 දින සවස බොර පැහැයෙන් දියපාරක් මතුවු  බැවින් තමන් ආරක්‍ෂිත ස්ථානයකට ගොස් තිබු නිසා  දිවි බේරුණ බව නිවෙස් හිමි අනුර මහතා පැවසුවේය.

එම ස්ථානයේ ඉදිරිපිට වේවැල්වත්ත  මාර්ගයේ එක් මංතීරුවක් වසා ඇත. 

නායයාමේ අවදානම තවදුරටත් පවතින නිසා විදුලි බල මණ්ඩලට ඒ හරහා ඇති විදුලි රැහැන් ඉවත් කිරිමට පියවර ගනු ලැබීය.  



අදහස් (0)

නාය අවදානමෙන් දුරෙක්කන්දේ පවුල් 17 ක් ඉවත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 42 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 339 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site