
(අංජුල මහික වීරරත්න)
හිතුවක්කාර අයුරින් ඉහළ අධිකරණ විනිසුරුවන්ගේ ධූර කාලය දීර්ඝ කිරීමට උත්සහ දරමින් නීතියේ ආධිපත්‍ය බිද දැමීමට එරෙහිව සමස්ථ ප්රජාතන්ත්රවාදය අගයන පක්ෂ නැගී සිටිය යුතු බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියක් යවමින් පවසයි.
එම ලිපියේ මෙසේද සඳහන්ය.
ආණ්ඩුව මේ වන විට කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරිමට උත්සහ දරණ බව අපගේ විශ්වාසයයි. මෙම ක්‍රියාව නීතියේ ආධිපත්‍යයට දැඩි බලපෑමක් ඇති කල හැකි තත්වයක් වන අතරම එමඟින් අප මව් ව්බිමේ ප්රජාතන්ත්රවාදී ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල කිරීමට උත්සහ දරණ බව පෙනී යයි.
දැනටමත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය හා පොදුරාජ්‍ය මණ්ඩළිය නීතිඥ සංගමය සිය අප්‍රසාදය සහ/හෝ විරෝධය පල කර ඇති තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍ය මෙන්ම ප්රජාතන්ත්රවාදය අගයන සියලු පක්ෂ එකමුතුව මෙයට දැඩි ලෙස විරෝධය පල කිරීම කල යුතු බව අපගේ අදහස් කරමු.
මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා වශයෙන් සියලු ප්රජාතන්ත්ර වාදය අගයන පක්ෂ මෙම පත්ව ඇති බැරෑරුම් තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා කැදවීමක් කරන මෙන් මෙයින් ඔබතුමන්ගෙන් ඉල්ලා සිටිමි.
තවද මේ සදහා මේ වනතෙක් පාර්ලිමේන්තුව නියෝජනය කල සියලු දේශපාලන පක්ෂ වල නායකවරුන් හා අනෙකුත් සුදුසු යැයි හැගෙන දේශපාලන පක්ෂ නායකයින් කැදවීම සුදුසු බව අපගේ විශ්වාසයයි. මෙම වැදගත් කරුණ සම්බන්ධයෙන් ඔබතුමන්ගේ ඉක්මන් අවධානය යොමු වනු ඇතැයි අපේක්ෂා කරමි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරට ලියලා විභාග පාස්වෙච්චි හොර පෙරකදෝරුවා .චන්දෙන් පැරදෙන බව දැනගෙන ජාතික ලැයිස්තුවෙන් රින්ග ගෙන ලොරි ටෝක් දෙනවා.තමුන්ලා බලයේ හිටපු කාලේ යුක්තිය නීතිය සාදරනය විනාශ කෙරුවා මදිවට අදිකරණය පවා දේසපාලණීකරණය කෙරුවා.හෙන්චයියලා දාගෙන කරපු හරිය ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
මරු ඩබල මම කියන කතා බොරු නොවෙනේ. 2029 ජනාදිපතියි අගමැතියි. එජෙට තියෙන්නෙ හොරලයිසන්. ඒ නිසා කෙලින් නැගිසිටින්න අමාරුයි. නාකිමයිනගෙ උපදෙස් අනුව. තව එකෙක් ලිපිය ලිව්වා. මෝඩයා පෙනී සිටිනවා. ගොබ්බ රැල රටට කරපු විනාසය ට. මේ විසුරුවරුන් ගෙදර අරින්න බැහැ. ඔවුන්ට හොදට මතක තියෙනවා පත්වීම් ගත්තු දවසේ ඉදලා රටර. ජනතාවට කරපු. දේවල්. මෝඩ බේබී ට අගවිනිසුරු කම දෙන්නද. මේ අයව ගෙදර ඇරලා. නාකිමයිනාවගෙ නෙමේ මාලිමා ආන්ඩුව. උගත් පුද්ගලයාට සුදුසු තැන දෙනවා. සියලුම ජනතාව. නැගී සිටිනවා. මාලිමාරජයට කකුලෙන් ඇදලා වට්ටන්න එන. කම්බ හොර පව්ලට. නිනිසුරුවන්ගෙ දක්ශ නිර්බීතකමට. නාකිමයිනගෙ නඩේට. ඉබෙම මුත්රාපිටවෙනවා ඇති නේද. මෝඩ මීහරකා කරලා තියෙන අපරාද එලියට එනකොට බය වෙනවා බුද්දිමත් නිර්බීත විනිසුරුවන් වයස හරි කියලා ගෙදර අරින්නලු. එතකොට නාකිමයිනට මග යන්න පන නැහැ නිතරම පාකින්සස් ලෙඩෙක් වගෙ. හැටක් විතර වටවෙන්න ඕන උස්සලා ගන්න අල්ලන් ඇවිදින්න. අසුවත් පැනපු නාකියා තවමත් කියන්නෙ මම දේශ පාලනය අත ස්රින්නෙ නැහැ. දිගටම රට හොරා කන්න ප්ලෑන් කරනවා කියලා. මේ වගෙ උන්ව. එලවන්න ඕන. ඒ ගැන බලපන් මෝඩ නාම්බෝ
දෙන්නම ගොන් බදින කනු
ඔහෙලට ඉතුරු වෙලා තියෙන්නේ එහෙට මෙහෙට ලියුම් ලියන එකයි, විශ්වාස භංග ගායනේ එකයි.
0x0=0 0=0/0 උත්තරේ තමයි.