
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලි )
අවතැන් වූ දරු දැරියන්ට පොත් පත් ලබාදීම සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ක්‍රියාත්මක කරන "ආදරය" වැඩසටහන හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් හතරකදී ක්‍රියාත්මක කළ බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
එහිදී දරුවන් දහසකට වැඩි පිරිසකට පොත්පත් ලබාදුන් බවද රාජපක්ෂ මහතා කීය.ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා දීම අනෙකුත් දිස්ත්‍රික්ක වලද සිදු කරන බව නාමල් රාජපක්ෂ පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයින් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ආයතනද සහභාගී කරගෙන මෙම "ආදරය " වැඩසටහන දියත් කර ඇති බව නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයින්ට කොපි කරන්නත් උගන්නයිද දන්නේ නැහැ. රටේ දරුවන්ගේ අනගාතය කාපු පවුල, ලැජ්ජයි...
ජනතාවගෙන් සොරාගත් මුදල්වලින් පිංකරන, දේශපාලනය ව්‍යාපාර කරන අපේ අයට ජයවේවා.
දූෂිත පවුල් පාලනේ අය කරපු මහා පරිමාණ හොරකම් වන්චා දූෂණ හැටියට කොහොම කරන්න බැරිද?
සුනාමි ගිණුමට වැඩේ දෙනකොට කෝ ආදරේ…? ඔය කියන්නේ රටට එවන සියළුම මුදල් ආධාර අම්මාගේ සිරිලිය ගිණුමට ( අංක 2222222V) එවන්න කියලාද…?
පොත්පත් අස්සේ අයිස් හෙරොයින් තියේද කියලා පරීක්ෂා කරන්න දෙමව්පියනි...
මේ මාලිමා ඩෝබිලා වැළපෙන වෙලාවයි.
ඩෝබිලා තවමත් හිතන්නේ නාමල්ගේ නීති විභාගය, සුනාමි ගිණුම, අයිස් වගේ වචන වලට බරක් තියෙනවා කියලා. එව්වා දැන් වලංගු නැහැ.
ජෙප්පෝ නාමල්ට බයයිද? නැතිනම් ඉරිසියයිද?
හම්බන්තොටත් ආපදාවට ලක් වුණාද?
පියා රටේ බලවතා නිසා පුත්තුන්ට ශිල්පය දුන්නේ. පොත පතින් නෙමේ... තමන්ගේ බලය පාවිචිචි කරලා හොරපත්වීම් සහතික හදලා දුන්නා... ඒවාටත් දුප්පත් ජනතාවගේ මුදල් වැයකෙරුවේ. එකෙක් හිටියා දැනුම නැති වුණාට රොකට් හැදුවා... සෙල්ලමට ජනතාවගේ මුදලින්... ඒ හදන ගමන් ගෑනිත් අරන් ඇවිත්. වලිකුකුළන් තුන්දෙනාම. ජයට මගුල් ගත්තා... අසරණ ජනතාවගේ මුදලින්... රැකියා නැහැ සුර සැප. මේ පොත් ටික බෙදාන්න ගිහින් මන්ද බුද්ධික දරුවන්ට. ඒ වගේ තුන් දෙනෙක් ලැබෙන ආදරයක් කියලා...
කෝ ඔයාගෙ බලකාය. රඟපාන කොට තුවක්කුත් අරන් ඒ ගොල්ලත් එක්ක එන්න එපැයි.
දූෂිතම පවුල් පාලනේ වහලුන්ට අමතක වෙලා ජනතාව ඔවුන් එළවළාම දැම්මේ මොන හේතු නිසාද කියලා? රට හරියට කෙරුවා නම් එහෙම නොවන බව තේරුම් ගන්න තරම්වත් අබ ඇටයක තරම් මොළයක් නැති මොලේ උඩ ඉන්න අමනයින් ගැන කවර කතාද?
පරම්පරාව පිටින් රටම හූරන් කාල , රට අගාදයට ඇදල දාල තවත් බලයට තියෙන තණ්හාවට මිනිස්සුන්ව රවට්ටන්න හදනවා