(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සිය අමාත්‍යාංශයේ කටයුතුවලින්  ඉවත්වී සිටින රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී හෙට ප්‍රකාශයක් කිරීමට නියමිතය.

අමාත්‍යාංශයේ  කටයුතුවලින් ඉවත්වීමට හේතුව සහ  ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ඔහු මෙහිදී  කරුණු ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට ඇත.

අමාත්‍යාංශයේ කටයුතු වලින් ඉවත් වීමට හේතු දක්වමින් ජනාධිපතිවරයාට ලිපියක් යැවීමටද නිමල් ලංසා රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කරමින් සිටින බව ඔහුට සම්බන්ධ ආරංචි මාර්ග වලින් පැවසේ.

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00 ට  රැස්වීමට නියමිත අතර  පෙ.ව 11.00 සිට ප.ව 4.30 දක්වා නිෂ්පාදන ද්‍රව්‍ය තැරැව්කරුවන්ට බලපත්‍ර දීමේ පනත යටතේ නියෝග සහ රබර් නැවත වගා කිරීමේ සහනාධාර පනත යටතේ නියෝග විවාදයට ගෙන අනුමත කරගැනීමට නියමිතය.