(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

තමා දේශපාලනයට ගෙන එන්නැයි පියාට මුල්ම යෝජනා කළේ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මංගල සමරවීර මහතා බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවසීය.

තමා දේශපාලනයට පැමිණෙන්නේ ඒ අනුව බව පැවසූ අමාත්‍යවරයා ඔහුගේ එම උත්සාහය තමා කෘතවේදීව සිහිපත් කරන බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පිළිබඳ ශෝක යෝජනා විවාදයේදීය.

දේශපාලන පිටියට 2010 වසරේ දී පැමිණෙන තමාට මංගල සමරවීර මහතා මුලින්ම හමුවූයේ 2005 වර්ෂයේදී යැයිද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

දේශපාලන වශයෙන් කුමන මත දැරුවත් තමා මංගල සමරවීර මහතා සමඟ සමීපව කටයුතු කළ බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.