නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ බිරිය , දරුවා  ඇතුළු සමීපතම ඥාතීන් 09 දෙනෙකු ඊයේ (2)  රාත්‍රී කටුනායක ගුවන් තොටුපළෙන් විදේශ ගත වී තිබේ .

ඊ‍යේ (2) දින රාත්‍රී 08.00 ට පමණ මෙම පිරිස දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුණි .

අවම නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම පිරිස ගුවන් යානය වෙත රැගෙන ගොස් තිබුණි .

මේ පිළිබඳව තොරතුරු බාහිර පාර්ශව වෙත අනාවරණයවීම වළක්වා ගැනීමට ගුවන් තොටුපළ තුළ දැඩි සීමා කිරීම් සිදු කර තිබුණි .