(ඉන්දිකා රාමනායක)
යුද හමුද සේවයෙන් පලා යාම සම්බන්ධයෙන් නාමල් කුමාර එරෙහිව ඉදිරියෙ දී හමුදා පරීක්ෂණයක් ආරම්භ කර ඔහු අත්අඩංගුවට ගන්නා බව යුද හමුදාව පවසයි.
නාමල් කුමාර සම්බන්ධයෙන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එම පරීක්ෂණ අවසන් වු පසු මෙම හමුදා පරීක්ෂණයක් ආරම්භ කරන හමුදා ප්‍රකාශක බි්රගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
හමුදාවෙන් පලා ගිය පුද්ගලයකු සම්බන්ධයෙන් හමුදාව ගන්නා කි‍්‍රයා මාර්ග නාමල් කුමාර සම්බන්ධයෙන් ද ගන්නා බවද බි්රග්රේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේය.
නාමල් කුමාර හමුදාවේ රාජකාරි කළ පුද්ගලයකු යන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව යුද හමුදාවෙන් කළ විමසුමකදී ඔහු හමුදාවේ රාජකාරි කර ඉන් පලාගොස් ඇති අයකු බවට තහවුරු කළ බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත්අඩංගුවට අරන් මානසික රෝහලට යවන්න ඕනෑ. මේ වගේම අමු බොරු ගොතගොතා කියන චරිත ඕනෑතරම් එ්කේ ඇති...
බළල්ලු ලවා කොස් ඇට බාවන කොට මෝඩයින් අමාරුවේ වැටෙනවා.
අනේ අපිට මොකෝ. මේ විහිළුව දැන් හොඳටම ඇති...
ලංකාවේ පොලිසිය ගැන දුක හිතෙනවා. පොලිස් ඔත්තුකරුවන් ලෙස යමෙක් බඳවා ගැනීමට පෙර ඔහු ගැන සොයාබැලිය යුතුය. බොහෝ රටවල පොලිස් ඔත්තුකරුවන් ලෙස සාමාන්‍යයෙන් අපරාධකරුවන්, පාතාල අපරාධකරුවන් යොදා ගන්නවා. නමුත් පොලීසිය මුලින් එම පුද්ගලයා ගැන හරියටම දැනගෙනයි ඒ සේවයට යොදාගන්නේ... නමුත් ලංකාවේ පොලීසිය, ඔත්තුකරුවන් ගැන කිසිම දෙයක් දන්නේ නැතුවයි සේවයට අරන් තියෙන්නේ...
සමහර අයට මේක දරාගන්න බැරි ප්‍රවෘත්තියක්.
කාටද පිස්සු, නාමල් කුමරටද? මේ මනුස්සය කියන දේවල් විශ්වාස කරන අයටද? එහෙම නැත්තම් දෙගොල්ලටමද?
අනේ මේ වහන්තරාව වහාම මනෝ විශේෂඥයෙකු වෙත යොමුකරන්න. මේ වගේ රස්තියාදුකාරයන් උඩ නොදා ඉන්න වගබලාගත යුතුයි.
හමුදාව ආණ්ඩුව මාරුවෙනකම් හිටියේ මොකද? නාමල්ව අත්අඩංගුවට ගන්න. මේකෙන්ම පේනවා ආණ්ඩුවේ අවශ්‍යතාවයට මෙය සිදුවෙන බව....
මේක හෙලිවුනේ අාණ්ඩු මාරුවෙන් පසු නේද?
දැන් ද මේ නාමල් කුමාර ගැන මේ විස්තර ඔක්කොම සොයා ගෙන තියෙන්නේ ? ඉතින් කියපුවා බොරුනම් ඇයි නාලක සිල්වා තවම බන්ධනාගාරගත කරලා තියෙන්නේ?
මේ වනවිටත්, හිරේ සිටිය යුත්තන් ගේ නාඩගම් සමාජයේ රඟ දක්වන්න ඉඩකඩ සලසා දී, පසුව හිරේට දක්කන්න උත්සහ කරන අමුතු නීති, නින්දිත පාලකයින් හා අලජ්ජි ජනතාවක් සිටින විලම්භීත රටක් වෙලා මේක දැන්... නිර්ලජ්ජිත වැඩකරලා වීරයෝ වෙන්න පුළුවන්... ලෝකෙන් උතුම්, එකම රටලු මේක...
තමාගේ අත්දැකීම් තේරුම් ගත්තු නිසා පළපුරුද්දත් මුල් කරගෙන දුෂණ විරෝධී පෙරමුණ ගොඩ නගන්න හිතට අදහස ආපු එක සතුටයි.
හමූදුවෙන් පැනල ඉන්නෙ නාමල් කුමාර විතරමද අත් අඩංගූවට ගන්නව නමි දහස් ගනනින් හමුදාවෙන් පැනපූ අනෙක් අයත් අනිවාර්යෙන්ම අත් අඩංගූවට ගත යුතුයි
මොහු ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලබන්නෙකු බවත් කියවුනා නේද? මේක අර කුමන්ත්රනයේම කොටසක්. ආණ්ඩුව මාරු උනා නොවෙයි, හොර ආණ්ඩුවට රිවෙස් ගහන්න සිද්ධ උනා! බොරු කුමන්ත්‍රණයක් ගොතලා කිහිප දෙනෙකුව අත් අඩංගුවට ගන්නයි ඕන කරලා තිබුනේ. වැඩේ ගැස්සුනා. මොහු පිටිපස්සෙන් හිටියේ කවුද කියන එක ඉදිරියේදී එලි වේවි නේ?
මේ වගේ ජෝකර් කෙනෙක්ව දාලා මුළු රටටම හොඳ හොඳ සෙල්ලම් පෙන්නුවේ කවුද කියලත් හොයාගන්න.
නාමල් කුමාර වැරද්දක් කරලා තියෙනවනම් අත් අඩංගුවට ගන්නවා කිව්වත් ඔහු හෙළි කරපු තොරතුරු ගැන පරීක්ෂණ කරවනම් හොදයි. එහෙම නැතුව පොලිසියට ඔත්තුවක් දුන් කෙනෙකුගේ අධ්‍යාපන සුදුසුකම් සහ වෙනත් දේ හොයල එයා හිරකරලා දාන එක නෙමේ කරන්න ඕනේ ...