(අතුල බණ්ඩාර)
අනුරාධපුර ශාන්ත ජෝෂොප් දෙව් මැදුර ඉදිරිපිට වැව් බැම්මේ තිබී සැකකටයුතු ලෙස මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවූ බව අනුරාධපුර පොලිසිය පවසයි.
වැව් බැම්මේ තණ කොළ ගොන්නේ පුද්ගලයෙකු වැටී සිටිනු දුටු එම වැවේ මසුන් අල්ලන ධීවරයින් , 1990 ට ඇමතුමක් දී "සුවසැරිය" ගිලන්රථයක් ගෙන්වාගෙන රෝහලට ගෙනයෑමට හදද්දී එම ගිලන්රථයේ පැමිණි සේවකයින් එම පුද්ගලයා පරීක්ෂා කරද්දී මියගොස් සිටින බව දැනගෙන ,ඒ බව ධීවරයින්ට පවසා පොලිසියට දැනුම්දෙන ලෙස උපදෙස්දී ආපසු හැරී ගොස් තිබිණි.
අනතුරුව ධීවරයින් කළ දැනුම්දීම මත පැමිණි අනුරාධපුර පොලිසියේ නිලධාරින් සිදුකළ මුලික විමර්ශනවලදී අවුරුදු 60 ත් 65 ත් අතර වයසේ පුද්ගලයෙකු වන අනන්‍යතාව තහවුරු නොවන මේ තැනැත්තා ගේ මරණය සැකකටයුතු බැවින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබිණි.
පොලිසිය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු , අද (06) අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා මළසිරුර තිබෙන ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමට නියමිතව තිබුණි.
2025 නොවැම්බර් මස 04
595
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2293
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
නාඳුනන මළ සිරුරක් අ‘පුර වැව් බැම්මක