
(ගයාන් සූරියආරච්චි)
නිවෙසේ සිටින සේවකයන් ඉදිරියේදී දරුවන් බලාගන්නා කාන්තාවක නිරුවත් කිරීමෙන් පසු වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ බව කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු තිදෙනකු ඊයේ(18) අත්අඩංගුවට ගත් බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පවසයි.
එම ව්‍යාපරිකයා හික්කඩුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ හෝටලයක සැගවී සිටියදී පොලිස් නිලධාරින් කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල ප්‍ර දේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
එම සිද්ධියට සම්බන්ධ සාක්ෂි වසන් කිරීම සහ සැකකරුට ආධාර අනුබල දුන් බව කියන ඇහැලියගොඩ ප්‍ර දේශයේ පදිංචි 44 සහ 55 වයස්වල පසුවන දෙදෙනෙක්ද අත්අඩංගුවට ගනු ලැබූහ.
පිරිමියකු විසින් කාන්තාවක නිරුවත් කරන ආකාරයේ වීඩියෝවක් සමාජ මාධ්‍ය යේ පළවීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිනි දර්ශිකා කුමාරි මහත්මියගේ උපදෙස් හා නියෝග පරිදි එම කාර්යාංශය විමර්ශන ආරම්භ කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැනීගේ කෙසේවෙතත් හනීගේ ප්‍රතිසංස්කරණ නිරුවත නම් දැන් මංසන්ධියේ ප්‍රසිද්ධියේ ඵළිදක්වනවා.