
(ෂේන් සෙනෙවිරත්න)
ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක නිවසේ නාන කාමරය තුළ ඇද වැටී බරපතල තුවාල මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
එසේ මියගොස් ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ශිෂ්‍යාවක වූ මහනුවර හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචි එච්.එම්.එල්.ඩී. ජයතිලක නැමැති 24 හැවිරිදි තරුණියකි.
ඇය එම විශ්ව විද්‍යාලයෙන් නිවාඩු ලබා දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත විභාගයක් සඳහා පාඩම් කරමින් සිටියදී එම අනතුරට මුහුණ දී තිබේ.
නාන කාමරයේ ඇද වැටීමෙන් ඇයගේ හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මෙසේ මිය ගොස් ඇති අතර ගලහා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 04
297
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නාන කාමරයේ වැටුණු සරසවි සිසුවිය මරුට
maalaka Monday, 10 November 2025 05:16 AM
හරිම කනගාටුදායකයි
Bunny Preena Monday, 10 November 2025 09:16 AM
බොහෝම කණගාටුදායක මරණයක්. නාන කාමර තෙත බරිතව තිබෙන කොට ලිස්සන ගතිය වැඩියි . යම් කෙනෙකු පාවිච්චි කළාට පසු අනිවාරයෙන්ම වතුර මතුපිට නොරැඳෙන විදියට මොප් එකක් හෝ රබර් බ්ලේඩ් එකක් භාවිතා කර වතුර ඉවත් කළ යුතුයි. එයින් මෙවැනි බොහෝ අවසානවන්ත මරණ සහ අනතුරු වලක්වා ගැනීමට හැකි වේ.
MD Monday, 10 November 2025 10:10 AM
නිවන් සුව අත්වේවා.අද දරුවන් කිසිම සිහියක් නැතිව තමයි වැඩ කරන්නේ.ෆෝන් ඵක නොගෙනියන තැනක් නැති තරමටම බයට ඇබ්බැහි වෙලා.විශේෂයෙන්ම ගැහැණු දරුවන් විලාසිතාවක් විදියටත් ඵය යොදාගන්නවා.අවසානයේ කරන්න යන දේත් අමතකයි.ඉතින් ඵහි අනිසි විපාක සාපය දෙමාපියන්ට දරන්න වෙනවා.අවුරුදු 24ක් ගැහැනු දරුවෙක් නඩත්තු කරන්න කොච්චර වෙහෙසක් ගන්නවද ජීවිතය කැපකරනවද?මේවා දැකලා අහලවත් දෙමාපියන්ට පව් නොදී සිහියෙන් ජීවත් වෙන්න.