
(නිමල කොඩිතුවක්කු)
ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ඖෂධ නොමැතිව අන්ත අසරණ වී සිටින අවස්ථාවක ආණ්ඩුව රුපියල් කෝටිගනනක් වියදම් කොට නිදහස සැමරිමට විරෝධය පළ පළකරමින් සමගි ජන බලවේගය මෙවර නිදහස් උත්සවය වර්ජනය කළ බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
ආණ්ඩආණ්ඩුව රටට උදාකර ඇති දුර්භික්ෂ බිය, රෝ බිය, මරණ බිය තුරන් කර සැබැ නිදහස යලිත් ජන ජිවිතයට ලඟා කරදිමට ජනතාව සමඟ ප්‍රජාතන්ත්‍රවී අරගලය මේ මොහොතේ සිට වේගවත්ව ක්‍රියාවට නංවන බවත් නිවේදනයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා සඳහන් කරයි.
එහි තවදුරටත් මෙසේ ද සඳහන් වේ .
"අපගේ මාතෘ භුමියේ හැත්තෑහතරවන නිදහස් සැමරුම අනුස්මරනය කරන මේ මොහොතේ ආණ්ඩුව රට පත් කර ඇත්තේ මෙතෙක් අප විදි සියලු ආකාරයේ නිදහස අහිමි කිරිමයි.
මෙවනි වාතාවරණයක් තුල ආණ්ඩුව රුපියල් කෝටිගනනක් වියදම් කොට නිදහස සැමරිමට උත්සව පැවැත්විම යනු ජනතාව අද මුහුණ දී ඇති ජිවන අරගලය පිළිබදව හෝ රටේ සැබෑ අභියෝගගය නොසලකා හැරිමකි.
නිදහස් සැමරුමට ගුවන් ගත කරන යානා මහ සයුරේ යාත්‍රා කරන නැව් සහ ප්‍රහාරක යත්‍රා වලට කෙතරම් ඉන්ධන වැයවේද? පෙරහුරු ඇතුලුව දින ගනනාවක් සිදුකරන මේ වියදම මේ මොහොතේ රටට දරා ගත හැකිද? ඩොලර් නොමැතිව ඉන්ධන නැව් මහ මුහුදේ නතර වී ඇත. අත්‍යවශ්‍ය ආහාර වරායේ ගුදම් වල සිරවී තිබේ. මෙවාට විසදුම් නැති ආණ්ඩුව ජනතාව භුක්ති නොවදින නිදහසක් සැමරිමට බිලියන ගනනක් වැය කිරිම සමගි ජන බලවේගයට කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ.
ආණ්ඩුව කල යුතුව තිබුනේ නිදහස චාමේ ලෙස සමරා මෙම වියදම ජනතාවගේ සුභ සාධනයට යෙදවීමයි. ආණ්ඩුව මුදල් සොයනුයේ ද මුදල් අච්චු ගසමිනුයි.
මෙවැනි වටපිටාවක පවත්වන නිදහස් සැමරුමට වගකිව යුතු විපක්ෂයක් ලෙසත් පක්ෂයක් ලෙසත් පොල්වත්ත පන්සලේ පැවැත්වෙන නිදහස් දින සැමරුම් ආගමික වතාවත් වලට සහභාගිවෙමින් නිදහස චාම් ලෙස සැමරිමට කටයුතු කළෙමු.
මේ මොහොතේ ආණ්ඩු රටට උදාකර ඇති දුර්භික්ෂ බිය, රෝ බිය, මරණ බිය තුරන් කර සැබැ නිදහස යලිත් ජන ජිවිතයට ලඟා කරදිමට ජනතාව සමඟ අපගේ ප්‍රජාතන්ත්‍රවී අරගලය මේ මොහොතේ සිට වේගවත්ව ක්‍රියාවට නංවන බව අවධාරණය කරමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි හරි දැන් ඡන්ද ලැබෙයි...
උත්සව පැවැත්විය යුත්තේ නායකයාගේ පම්පෝරියට නොව ජනතාවගේ සුබ සිද්ධිය පිණිසයි... එසේ නොවන උත්සව උත්සවයක් නොව ජනතාවගේ අවමගුලකි. මේ අයත් අද ආණ්ඩුවේ සිටියා නම් කරන්නේ ඔය ටිකම තමයි. දැන් මේ උත්සාහය මේ තුලින් දේශපාලන වාසි ලබා ගන්න මිසක් සැබෑ දේශප්‍රේමය නිසා නොවන බව අපි හැමෝම දන්නවා. එදා ඉඳන් සියළු දෙනාම කරපු හැටි අපි හොඳින්ම දැක්කානේ.
දැන් මෙයාලා නැතිව උසාවි කල්දැම්මා. අනේ පාඩුවේ පැත්තකට වෙලා ඉන්න... එතකොට රට හැදේවි. ඔයාලා 2015-2019 කරපුවා මිනිස්සුන්ට තාම මතකයි.
හරි මද්දුමේ එල එල.. නරකද තුන්බිය දුරුකරන්න අරලියගහ මන්දිරේ දවස් 7ක් පිරිත් කළා වගේ අගමැතිව බේරාගන්න සියලු රටවැසියන් බේරගන්න අර නාලිකා මැදිරියේ තුන්මසක් රතනසූත්‍රය සජ්ජායනා කළොත්...?
ජාතික නිදහස් දිනයත් දේශපාලන වුවමනාවලට යොදාගන්නා මෙවන් අයගෙන් රටට සෙතක් නැති බව පේනවා...
කව්රු හරි නිදහසට කරුණු ඇසුවාද? එක සැරයක් ඔහෙලා නේද ආජුතපර ලායිලා සිංදුවට පරංගි නැටුමකුත් ඉදිරිපත් කරන්න ගියේ? නිදහස එච්චරටම බාල්දු කරපු මිනිස්සු ඔයගොල්ලෝ.
නිදහස අවුරුදු පතා සමරන්න ඕනේ දෙයක් නොවෙයි. ඒත් වඩුගයා පන්නලා සිංහලයාට රටේ අයිතිය ලබාදීම සමරන්න ඕනේ. අපි උඩරට කියන ගොයියන්ව පාලනය කලේ වඩුගයින්...
බොරු කියන්න එපා. ඔබතුමාලා බලාපොරොත්තු වුණා රංජන්ව එළියට ගනී කියලා. ඒක සිදුනොවුණු නිසා තමයි මේ උත්සවයට නාවේ. ඔබතුමා මේ උත්සවයට සහභාගී වුණානම් සමහවිට රංජන්ට සමාවක් ලැබෙන්න තිබුණා. මේකෙන් වුණේ රංජන්ට ලැබෙන්න තිබුණු සමාවත් නැතිවුණු එක විතරයි.
මෙයා චූටිම කාලේ ආනන්දේ බෝඩිමේදී බලාගත්තේ බැසිල්. බලාගෙන යනකොට මෙයා ගුණමකු වැඩනේ කරන්නේ..
වැඩ නොකරන බූරුවන්ගේ ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නිදහසට පට්ටපල් බොරුකීම.., අනේකවිධ අඩුපාඩු කීම යන මූලික කරුණුයි. මේ එවැනිම රැලකි.
ගෝඨාභයගේ සෝභන තමයි....
මොනවද මේ කතා? නිදහස් දිනක තේරුම නොදන්නා මිනිස්සු.., නිදහස් දිනය කියන්නේ එකක් ... රටේ ආර්ථික, සමාජයීය ප්‍රශ්න කියන්නේ වෙනම කරුණක්..., පොදු කටයුතුවලදී අවලාද වලට හුරුපුරුදුව සිටිම දේශපාලන බංකොළොත් බව විදහාපෑමක්...!
බලයට ආසාවෙලා, දේශපාලන න්‍යාය පත්‍රයට අනුව විතරක් කතාකරන අයගේ කතා ඔහොම තමයි. මේ දේශපාලඥයෝ රටට අවංකව ආදරය කරන අය නෙවෙයි.