මෙවර නිදහස් දින සැමරුම වෙනුවෙන් ජාතික ගීය ගායනා කළ යුත්තේ සිංහල භාෂාවෙන් පමණක් බව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතා පැවසීය.
ජාතික නිදහස් දිනය මෙවර සැමරෙනුයේ 73 වැනි වරටය. එය කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.
ජාතික නිදහස් දින සැමරුම සඳහා ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ඇරඹියේ, 2015 වසරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති යාන්තම්... ඒ මහා බරපතල ප්‍රශ්නයත් විසඳුනා...
දෙමළ විතරක් දන්න අය උඩ බලන් ඉන්න.
69 ලක්ෂයක ජනතාව සතුටු කිරීමට මෙවැනි දේ ඉතා හොඳින්ම ගැලපේ..
මෙලෝ වැඩක් නොකරන්නේ.. එහෙම දෙයක්වත් ඉතින් කරන්න එපැයි...
නරකද ප්‍රංශ භාෂාවෙන් කිව්වානම්... සංහිඳියාවට ප්‍රශ්නයකුත් නැහැනේ...
දෙමළ ජනතාවට අඩුගානේ ඔය ඉල්ලීමවත් දෙන්න. අපේ සිංහල කම අඩුවෙනවද? ඕක ටැමිල් වලින් ගායනා කරා කියලා...
කොහොමත් මේ රටේ දෙමළ මිනිස්සුන්ටවත්, මුස්ලිම් මිනිස්සුන්ටවත් නිදහසක් නැති නිසා ඒ ගොල්ලෝ ජාතික ගීය ගයන්නේ නැහැ. මහා පුදුම රටක වෙසෙන පුදුම ගෝත්‍රිකයින් රැසක් තමයි සිංහලුන් කියන්නේ. උන් අනිත් ජාතීන්ට කියනවා පිටින් ආපු ජාතීන් කියලා නමුත් ඉන්දියාවේ සිට ආපු හොරෙකුට දාව උපන් සිංහලුන් තමන් පිටින් ආව බව කියන්නේ නැහැ. දවසක දියුණු බලවත් රටක බලපෑමෙන් මිස මේ වෙනස නිවැරදි කරන්න බැහැ.
මොනවද මේ වැඩ..? අපේ ජාතික ගීය ලෝකයේ භාෂා ඔක්කොගෙන්ම ගයනවා නම් අපි තවත් ආඩම්බර වෙන්න ඕනෑ. නුසුදුසු අයට බලය ලැබුණාම ඔහොම තමයි.
ඇත්තටම ජාතික ගීය තම බසින් ගැයීමේදීත්, අන් බසකින් ගැයීමේදීත් පහළ වන ජාතිකාභිමානි හැඟීමේ වෙනසක් වෙනවද? ඇත්තටම මෙය ගවේෂණය කළ යුත්තක්. සිංහලයාට මෙය අත්දැකිය හැකි එකම විදිහ අන් රටක පුරවැසි භාවය ලබද්දීයි. නමුත් අපේ දමිල සොයුරන්ට එය කෙසේ දැනෙනවා ඇත්ද? අදහසට විවෘතයි.