(ගයාන් සූරියආරච්චි)

74 වැනි නිදහස් සැමරුම් උළෙලට සමගාමීව දිවයින පුරා පැළ දස ලක්ෂයක් සිටුවීමේ මූලික අදියර පෙරේදා (2) දා පෙරවරු 8.30 ට කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ජගත් චන්ද්‍ර කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් කොම්පඤ්ඥවීදීය පොලිස් ස්ථානයේදී පැවැත්විණි.

කොළඹ මධ්‍යම කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත චන්ද්‍රසේකර මහතාගේ අදහසකට අනුව ප්‍රථම අදියරේ පලතුරු පැළ 1000 ක් කොළඹ මධ්‍යම කොට්ටාසය තුළ පෝච්චිවල සිටුවීම ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව බද්ධ කළ පලතුරු පැළවලට ප්‍රමුඛතාව හිමි වේ.

කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පොලිස් ඒකක විසින් පිහිටුවා ඇති සිවිල් ආරක්ෂක කමිටු මගින් නඩත්තු කටයුතු සිදුකරන බවත් කොළඹ මල්වත්ත පාර මහජන බැංකුව සහ දිස්ත්‍රික් 306/2 බී සිංහ සමාජය සහයෝගය ලබාදී ඇත.

කොම්පඤ්ඤවීදිය පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉදුනිල් රාජපක්ෂ මහතා ප්‍රථම අදියර වැඩසටහන සංවිධානය කළේය.