
(ශාන්ත රත්නායක සහ ළහිරු හර්ෂණ සහ රුෂිරු කොළඹතන්ත්‍රි)
74 වන ජාතික නිදහස් දින උලෙළ නිමිත්තෙන් සර්ව ආගමික වතාවන් නාරාහේන්පිට අභයාරාමයේදී හා පොල්හේන්ගොඩ ශ්‍රී හෘදයේ දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විණි.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන සර්ව ආගමික වතාවන් හී බෞද්ධ ආගමික වතාවත් නාරාහේන්පිට අභයාරාමයේදී පැවැත්වුණී.
නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක,කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් මෙම පිංකම සංවිධානය කර තිබුණු අතර මෙම අවස්ථාව සඳහා පැපිලියානේ සුනේත්‍රාදේවී පිරිවෙනාධිපති ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ පාලී හා බෞද්ධ අධ්‍යන අංශයේ මහාචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන් ඇතුළු මහා සංඝරත්නය,තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ,වෙළද කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන,කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න,බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.
කතෝලික දේව මෙහෙය පොල්හේන්ගොඩ ශ්‍රී හෘදයේ දේවස්ථානයේදී පොල්හෙන්ගොඩ මීසම බාර, පියතුමන් වන ප්‍රගීත් ඩිශාන් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රිස්තියානි කටයුතු දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා චතුරි පින්තු මහත්මියගේ සහභාගීත්වයෙන් සිදුකෙරිණි.
ඉස්ලාම් ආගමික වතාවත් පැවැත්වීම අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මුස්ලිම් මහ පල්ලියේ දී අද (04)පැවැත්විය .





(ඡායාරූප: ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රට කෑවේ වරප්‍රසාදවලට ගිජු අයයි.