74 වන නිදහස් දිනය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යුද හමුදාවේ 8514 දෙනෙකු ට උසස්වීම් ලබා දී ඇති බව හමුදාව පවසයි.
ආරක්ෂම්ක මාණ්ඩලික ප්රදධානී සහ යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගේ සහ ආරක්ෂ ක අමාත්‍යාංශයේ නිර්දේශය මත මෙම උසස්වීම් ලබා දී ඇති බවද හමුදාව පවසයි.
යුද හමුදාවේ නිලධාරීන් 480 දෙනෙකුට හා සෙසු නිළයින් 8034 දෙනෙකුට , උසස්වීම් ලබා දී ඇති බවද හමුදාව පවසයි.
මේ අනුව ජ්යෙ,ෂ්ඨ බ්රි ගේඩියර්වරුන් 07 දෙනෙකු මේජර් ජෙනරල් නිලයටත්, කර්නල්වරුන් 16 දෙනෙකු බ්රිපගේඩියර් නිලයටත්, ලුතිතන් කර්නල්වරුන් 36 ක් කර්නල් නිලයටත්, මේජර්වරුන් 50 දෙනෙක් ලුතිතන් කර්නල් නිලයටත්, කපිතන්වරුන් 207 දෙනෙක් මේජර් නිලයටත්, ලුතිතන්වරුන් 94 දෙනෙක් කපිතන් නිලයත්, සහ දෙවන ලුතිතන්වරුන් 70 දෙනෙක් ලුතිනන් නිලයටත්, යනාදී වශයෙන් යුද හමුදාවේ නිලධාරින් 480 දෙනාට උසස්වීම් ලබා දී ඇති බවද යුද හමුදාව පවසයි.
ජෙනරල් ශවේන්ද්රන සිල්වා මහතා 2019 අගෝස්තු මස 18 දින යුද්ධ හමුදාධිපති ලෙස පත්වීම් ලැබීමෙන් පසු කෙටි කාලයක් තුළ නිලධාරින් සහ සෙසුනිලයින් විශාල පිරිසකට උසස්වීම් ලබා දීමට කටයුතු කළ බවත්, 2019 වසරේ සිට මේ දක්වා යුද හමුදා නිලධාරින් 4341 දෙනෙක් සහ සෙසු නිලයින් 86741 දෙනෙකුට නිල උසස්වීම් ලබා දී ඇති බවද යුද හමුදාව වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද හමුදාවේ අයට විතරද ඔය උසස්වීම්... ගුවන් හමුදාවේ, නාවික හමුදාවේ, පොලීසියේ අයට ඕවා අදාළ නැද්ද?