(අංජුල මහික වීරරත්න)
කොරෝනා වසංගතය හමුවේ ඔන්ලයින් අධ්‍යාපනය ලබාගන්නා දරුවන්ට අත්‍යවශ්‍යම උපකරණ වන සන්නිවේදන උපාංගවල ද මිල ඉහළ යන ආකාරයට ආනයන රෙගුලාසි පැනවීමෙන් නිදහස් අධ්‍යාපනයේ සම අයිතිය නැති කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා අද (13) ප්‍රකාශ කළේය
ඔන්ලයින් අධ්‍යාපනය ලබාදීම උදෙසා මාපියන් ඉතා අපහසුවෙන් දරුවන්ට ජංගම දුකතන, පරිගණක මිලදී ගෙන දීමට කටයුතු කරන වකවානුවක, සන්නිවේදන උපකරණ ද අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ කාණ්ඩයට දමා ආනයන රෙගුලාසි පැනවීමෙන් ඒවායේ මිල දෙතුන් ගුණයකින් ඉහළ යා හැකි බවද විජයවර්ධන මහතා සදහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යහපාලන රජය සිසු පරපුරට නොමිලේ ටැබ් පරිගණක දීමට කටයුතු කරද්දී අද පාලනයේ සිටින කල්ලිය විරුද්ධ වූයේ නිදහස් අධ්‍යාපනය විනාශ කොට දුප්පත් දරුවන් තමන්ගේ එහෙයියන් කර ගැනීමට බව ඔවුන් ක්‍රියාත්මක කරන වැඩසටහන් මගින් පෙනී යන්නේ යැයිද නියෝජ්‍ය නායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනයට ඔන්ලයින් සම්බන්ද කරන්න එපා .ඔන්ලයින් කියන්නේ අපේ රටේ මුදල් සූරාකන ව්‍යාපාරයක් .එකට දෙමාපියෝ ගෙවන්න ඕනේ .දැන්ම ඉඳලා පොඩි ළමයින්ට ඇස් පෙන්නේ නෑ .ඒවාට වියදම් කරන්න වෙන්නෙත් දෙමාපියන්ට
කරුණාකරලා නිදහස් අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා කියන්න? ඔබ යමක් නොමිලේ දුන්නොත්, එහි අගයක් නෑ...
මේ ගොල්ලෝ නිදහස් අදයාපන කියන්නේ නොමිලේ උගන්වන, නොමිලේ පොත් දෙන .නොමිලේ විස්කෝතු දෙන, නොමිලේ ඇඳුම් දෙන අධ්‍යාපන ක්‍රමයකටයි. හැබැයි අපිට කැමති පාසලට ළමයව ඇතුල් කර ගන්න බැහැ.