IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


නෙදර්ලන්තය සති පහකට වහයි

කොවිඩ් නයින්ටීන් වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් නෙදර්ලන්තය අද (15) සිට සති 05ක කාලයක් වසා දැමීමට පියවර ගෙන ඇතැයි ගාඩියන් පුවත් සේවය වාර්තා කර සිටී.

ඒ් අනුව ලබන  ජනවාරි මස 19 වන දින දක්වා රට වසා දැමෙන බවද නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රූට් ප්‍රකාශ කර ඇත.මෙම තීරණයත් සමග සියලු පාසල්, අත්‍යවශ්‍ය නොවන වෙළෙදසැල් වසාදැමීමට පියවර ගෙන ඇති අතර අත්‍යාවශ්‍ය නොවන විදෙස් සංචාර ලබන මාර්තු මාසය දක්වා අත්හිටුවන ලෙස ද  ඒරට අග්‍රමාත්‍යවරයා එරට වැසියන්ට දැනුම් දී තිබේ.

වෛරස ව්‍යාප්තියේ අවදානම හේතුවෙන් එළඹෙන නත්තල් හා අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජර්මනිය , ඉතාලිය ඇතළු යුරෝපයේ රටවල් කිහිපයක්ම සංචරණ කටයුතු සීමාකිරිම සඳහා නව කොන්දේසි ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.


(125)



අදහස් (0)

නෙදර්ලන්තය සති පහකට වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 393 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 552 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site