
(ශාන්ත ප්රදීප් කුමාර කුලරත්න)
නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි 150,000 ක් අඩංගු බහාලුමක් ග්රෑන්ඩ්පාස් රේගු අංගනයේ තිබී අත්අඩංගුවට ගත් බව රේගු අධ්යක්ෂ විජිත රවිප්රිය මහතා පැවසීය.
මෙසේ අත්අඩංගුවට ගත් දුම්වැටි වල වටිනාකම රුපියල් ලක්ෂ 90 ක් බව කියයි.
යකඩ බටවල සඟවා කාටුන් 18,000 ක් පමණ මෙසේ ප්රවාහනය කර ඇති බවත් ඒවා චීනයේ සිට මෙරටට ප්රවාහනය කර ඇති බවත් පැවසේ.
ඒ අනුව බහාලුම නිදහස් කර ගැනීමට පැමිණි පුද්ගලයකු ද අත්අඩංගුවට ගෙන තිබේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම් බීම කොහොමත් අහිතකරයි. නමුත් මේවා අල්ලන්නේ හරියට ලෝක අපරාධයක් කළා වගේ.. දුම්කොළ සමාගම තහනම් කරවන්න කවුරුවත් නැහැ. මේ රටේ ඉන්න මෝඩ මිනිස්සු ඔය දුම්කොළ සමාගම වෙනුවෙන් පුච්චන සල්ලි සේරම යන්නේ ඇමෙරිකාවටයි, බ්රිතාන්යයටයි කියලා දන්නේ කීයෙන් කී දෙනාද?