(නිමල කොඩිතුවක්කු)
දැනට පවතින නීතිමය තත්වය යටතේ මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කිසිදු ඉඩක් නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ප‍්‍රකාශ කරයි.
මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වන කිසිදු සාකච්ඡාවක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු පක්ෂ නායකයින් සමඟ පවත්වා නැතැයි ද අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මෙම කරුණු ප‍්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් සහ ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් සමඟ ඉකුත් සති අන්තයේ අරලියගහ මන්දිරයේ දී පැවති අදහස් හුවමාරු කර ගැනීමකදීය.
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් එහිදී කරුණු විමසීය.
දැනට පවතින නීතිමය තත්වය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා නව පනතක් ස්ථිර වශයෙන්ම පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බව විස්තර කළ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා මෙම වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් සමග කිසිදු සාකච්ඡාවක් පවත්වා නැතැයිද කියා සිටියේය.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ද මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු යැයි කියා නැතැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් පාර්ලිමේන්තු පක්ෂ නායකයින් විසින් පවත්වා නැතැයිද අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නීතියක් තිබේද? ඡන්දයක් අවශ්‍ය මහජනතාවට මේ විදිහට රටේ ජනතාව ඉවසා සිටියා ඇති.. අායෙත් නම් මෙවැනි රජයක් පරම්පරා දහයකටවත් එපා...
කවද හරි ඡන්ද තියයිනේ. එතකොට අපි අපේ රාජකාරිය නියමෙට කරන්නම්.
රනිල් වික්රමසිංහ මහතා අපේ ජාතියේ පිනට පහළ වූ ශ්‍රේෂ්ඨතම පාලකයාය. කිසිම මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍යතාවයක් නැත.
ඇයි බයද? තිබ්බොත් අනිවා පරාදයි..
අනේ බෝලාගේ නීතිය...!! රෙද්ද පල්ලෙන් බේරෙනවා.
මේ ගොයියට සූත්තර පුංචා කියන්නේ නිකන්ද..? පුටුවේ ඉන්න ඕනේ නිසා ඕනෑම තුප්පහි වැඩක් කරයි... දේශපාලකයා යනු දේශය විනාශ කරන අමනයා යන කියමන නැවත වරක් ඔප්පු කර ඇත..
පළාත්සභා සැප්තැම්බර් මාසේ තියන්න බැරිනම් වහාම ජනමත විචාරණයක් තියන්න. (1) පළාත් සභා ඕනද එපාද? (2) කුඩුකාරයින්ට මරණ දඬුවම දෙන්නද? එපාද? (3) දැනට තිබෙන පාර්ලිමේන්තු ඡන්ද ක්‍රමය (සමානුපාත) සහ විධායක ජනපතිවරයෙක් අවශ්‍යද? එහෙම නැත්නම් 77ට පෙර තිබුණු කොට්ටාශ ක්‍රමය ඕනෙද එපාද කියලා? එතකොට මහජනතාව ඔවුන්ගේ මතය කියාවි, කරුණාකර ඒ අනුව වැඩ කරන්න, එතකොට විශාල මහජන මුදල් ප්‍රමාණයක් ඉතුරු කරගන්න පුළුවන් වේවි... දේශපාලකයන් වන ඔබලා රටේ තාවකාලික භාරකරුවන් පමණි. මේ රට අයිති රටේ පුරවැසි අපටයි.
සිල්වා මහතාගේ කථාව හරි. දැන් පළාත් සභා විසුරුවා හැර තිබියදීත් පළාත් නැතත් කිසිම ප්‍රශ්ණයක් නැතිබවක් පෙනීමෙන් පළාත් සභා එරටට අනවශ්‍ය බව පැහැදිලි වෙනවා. එනිසා පළාත් සභා අවශ්‍යද? අනවශ්‍යද? යන්න ගැනත් පවතින ආණුඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළයුතුද? නැද්ද? පිළිබඳවත් ජනමතයක් වහාම විමසන්න....
ඔහේට පුළුවන් මොනවද කියන්න බලන්න.
ඔයා දැන් නීතිපති ද ?
පුළුවන් තරම් පස්සට දාලා දවසක් හරි පුටුවේ ඉන්න කල්පනාව. අරලියගහ මැදුරේ බින්න බහිනවා කියලා කියන්නේ ඕකට...
දේශපාලකයිනි, ඔබලාට තිබෙන මේ ඔක්කොම ප්‍රශ්න විසඳලා දෙන්න. මේ ඔක්කොම ප්‍රශ්න සහිත ජනමත විචාරණයක් අපට දෙන්න.