(ඩයනා උදයංගනී)
පසුගිය කාලයේ දී නීතිපතිවරයා සහ නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කළ ආකාරය අනුමත කළ නොහැකි බැවින් නව නීතිපතිවරයකු පත්කර නීතිපති දෙපාර්තමේන්තුව පූර්ණ ප්රතිසංවිධානයකට ලක් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ‘රාවණා බලය’ සංවිධානය ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අද (31) ලිපියක් බාර දුන්නේය.
පාර්ලිමේන්තුව විසුරුවන බව කියමින් පසුගිය වසරේ නොවැම්බර් 9 වැනිදා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල බව නීතිපතිවරයා පැවසුව ද එය නීතිවිරෝධී බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා එම දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ගැටලූ පවතින බව එම සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවසූහ.
ගැසට් නිවේදනය නිකුත් කිරීමට උපදෙස් දුන් නීතිපතිවරයා විධායකය, ව්‍යවස්ථාදායකය මෙන්ම මුළු මහත් රට වැසියන්ම දැඩි අපහසුතාවකට මෙන්ම භයානක ප්‍රතිවිපාකවලට ද මුහුණ දුන් නිසා නීතිපති සහ නීතිපති දෙපාර්තමේන්තුවම පූර්ණ ප්රතිසංවිධානයකට ලක්කරන ලෙස තම සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද උන් වහන්සේ කීහ.
ඡායාරූප - ඉෂාන් සංජීව


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය රටේ නිෂ්පාදනය වැඩි කරන්න. පිටරටින් ගේන වාහන අඩු කරන්න. මැතිඇමැති සැප අඩු කරන්න. ජීවන වියදම පාලනය කරන්න. ගමවල් වල මිනිස්සු අමාරුවේ දාන මයික්‍රෝ ණය සාමගම්වලට විරුද්ධව හෝ රටේ මිනිස්සුගේ සැබෑ ප්‍රශ්නවලට ඔහොම දඟලන්නේ නෑනේ... සිවුරු පාවිච්චි කරලා එක එකාට කඩේ යන එක විතරයි කරන්නේ...
දැන් නීතිපති තමයි වැරදි නේද?
අවසරයි අපේ හාමුදුරුවනේ... දෙවතාවක්ම මහ ජනතාව ප්‍රතික්ෂේප කරපු කෙනෙකුව නැවත බලයට පත් කිරීමට උත්සාහ ගන්නවාට වඩා ඔබ වහන්සේලා නියෝජනය කරන බුදුසසුනේ ආරක්ෂාව සඳහා කිසියම් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කාලය යොදවනවා නම් නේද වැඩිය හොඳ? යාන වාහන සහ වෙනත් මුල්‍යමය "පිරිකර" ලැබුනා කියලා ඔයවගේ කටයුතු කරන එක ඔබ වහන්සේලාට සිව් පසයෙන් සංග්‍රහ කරන දායකයින්ට කරන අවමානයක් නේද?
දැන් පොලිසියයි, නීතිපති දෙපාර්තමේන්තුවයි දෙකම ජනාධිපති යටතේ... අපි බලමු හොරු අල්ලයිද කියලා.
අපේ හාමුදුරුවනේ ඔය විකාර පැත්තකින් තියලා අර හැතිකරය ගෙනෙන්න හදන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වෙන්න. රනිල් හදන්නේ සිංහලයාගේ රටේ සිංහලයාට "අපි සිංහල" කීම දඬුවම් ලැබිය හැකි වරදක් කිරීමටයි. සිංහල රටේ ඉඩකඩම් දෙමළුන්ට දීමටයි. කොටින්ම දෙමලුන්ගේ නිජභූමි සංකල්පය පිළිගැනීමයි.
අපේ හාමුදුරුවනේ අපි වෙනුවෙන් අපි සංකල්පයේ පිහිටා 75% සිංහලයින් සිටින සිංහල රටේ සිංහලයින් පාවාදෙන මේ ඊනියා ව්‍යවස්ථාවට විරුද්ධව නැගී සිටින්න.
නීතිපතිගේ වැරදි සොයන්න වෙන සුදුස්සන් රටේ ඉන්නවා. ඔබතුමන්ලා විනය පිටකය තේරුම් ගත්තා නම් මුළු රටටම යහපතක් වේවි !
මේ ඇවිල්ලා දේශපාලකයෙකුගේ කඩේ යාමක්... බුද්ධ පුත්‍රයෙකු හැටියට කලයුත්තේ " තමා සන්තකයේ සිට ඕවා දෙනු පරහට " යන්නයි. බුදුන් වහන්සේ අකැපයි කියුදෙවල් කර කර අනුන්ට ...
බමුණු අන්කල් කියෙව්වද අලුත් ව්‍යවස්ථාව?
ව්‍යවස්ථා සභාවට තමන්ට ඔන අය පමණක් දාගෙන කරපු හරිය ජනපති කරපු කතාවෙන් කියවුණා. මේක මේ රටේ තවත් ගොයම් කොලේ නඩු තීන්දුවක් ඒක මේ හිමිවරුන්ට නොතේරැමයි පුදුමේ.
පරණ රෙජීමයේ හොරු ටික බේරිලා ඉන්නේ ඔතැනින් තමයි. දෙපාර්තමේන්තුව ප්‍රතිසංවිධානය කරලා කෝටි ප්‍රකෝටි ගණං මහජන මුදල් හොරාකාපු දේශපාලකයෝ අල්ලන්න කියලා ජනපතිට කියන්න. අපි බලමු හොරු අල්ලයිද කියලා....
මේ.. හදන්නේ එකම ජාතියක් චන්ඩි වෙන්නයි. ඔක්කොම මේ අය කියන විදිහට සිද්ධ වෙන්න ඕනේ... මේ අය සත පහකට ගණන් ගන්න එපෝ..!
"බමුණු අන්කල් කියෙව්වද අලුත් ව්‍යවස්ථාව?" වෙන නමකින් ඔය ප්රශ්නය අහන්න. මට ඔය නමවත් පෙන්නන්න බැහැ. නම ඇහෙන කොට මගේ අැඟේ ලේ රත්වෙනවා.