
(මනෝප්රිය ගුණසේකර)
නීතිපති තනතුර සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
නීතිපති දප්පුල ද ලිවේරා මහතා ලබන විසි වැනි දා නීතිපති ධූරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුව පුරප්පාඩු වන නීතිපතිි තනතුර සඳහා සංජය රාජරත්නම් මහතාගේ නම මෙලෙස යෝජනා කොට ඇතැයි වාර්තා වේ.
සංජය රාජරත්නම් මහතා නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන අතර නීතිපති තනතුර සඳහා ඔහු සියලු සුදුසුකම් සපුරා ඇති බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දප්පුල ලිවේරා මහතා නීතියේ සීමාව තුල හැකි උපරිමයෙන් නිවැරදි ජනතාවට සේවයක් දෙන්න උත්සාහ කල අවංක නිලධාරියෙක්. නමුත් ලංකාව වගේ පිරිහුන රටක සියල්ල අකුරටම කරන්න රාජ්‍ය නිලධාරියෙකුට අපහසු වෙන්න පුලුවන්. එනිසා යම් යම් අඩුපාඩු වෙන්නත් ඇති. විශ්රෘම යන දප්පුල ලිවේරා මහතාට නිදුක් නිරෝගී විශ්‍රාම ජීවිතයක් අපි පතමු. එමෙන්ම දේශපාලන මඩ ගොහොරුවේ නොවැටී විහ්රාම ජීවිතය තුලද නිදහස් මතධාරියෙකු වශයෙන් එතුමාගේ වටිනා දැනුම අත්දැකීම් සහ පලපුරුද්ධ ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා යයි ද අපි පතමු.
වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක් හොබවන, ගරු, ප්‍රේමලාල් ජයසේකර නොහොත්,(චොකා මල්ලී) සිරි ලංකාවේ එම තනතුරට වඩාත් සුදුසු පුද්ගලයා යයි මම යෝජනා කරමි..