
(නිමල කොඩිතුවක්කු)
මෙවර නත්තල් උත්සවය සැමරීමට ජනතාවට ආර්ථික තත්වයක් නැති බව සමගි ජනබලවේගයේ සහකාර ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කොළඹදී අද(20) පැවසීය.
ලෝ වාසීන්ට හා ලක්වාසීන්ට නත්තල බොහොම සතුටුදායක දිනයක් වුවත් රටට සෞභාග්‍ය උදාකර දීමට පැමිණි ආණ්ඩුව ජනතාවගේ සතුට පැහැරගෙන ඇති බවත් ජයවර්ධන මහතා සඳහන් කළේය.
නත්තල සැමරීම තබා ජනතාවට එක් වේලක් හෝ ලබාගැනීමට නොහැකි තරමට රටේ ආර්ථිකය බංකොලොත් වී ඇතැයි ද ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසීය.
රජයේ අසාර්ථක තීරණ වලට හැටනම ලක්ෂය ලක්ෂ ඇතුළු රටේ සමස්ත ජනතාවටම වන්දි ගෙවීමට සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහදවල් මංකොල්ල කාපු බැංකුවේ සල්ලිවලින් ටිකක් දෙන්නකෝ.. ඒ පව් තමයි මේ ගෙවන්නේ. දැන් සුදනලා වෙන්න හදනවා.
වහල්ලුන්ට මේවා කියලා වැඩක් නැහැ මහත්තයෝ...
FAIROOS කියන විදිහට... වහල්ලුන්ට හොඳට තේරුම් ගන්න පුළුවන්.. FAIROOS කියන එක හරි... මෙයාලා මහත්තුරු තමයි... මහත්මයෙක් කරන්න කවදාවත් බැහැ.
බොරු කියන්න එපා මහත්තයෝ... ජනතාවට ටිකක් අමාරු වුණාට නත්තල් කන්න බැරිකමක් නැහැ..
ජනතාවට සල්ලි නැහැ? යන්නකෝ CCC එක පැත්තට වාඩිවෙන්න තැනක් හොයා ගන්න බැහැ.