
(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටියක් වටිනා බටහිර ඖෂධ තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත ‘ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු අද(07) අලුයම කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර , ඔවුන් අතරින් තිදෙනකු වයස අවුරුදු 18 - 25 අතර පසුවන තරුණයන් වේ . අනෙක් ගුවන් මගියා 45 හැවිරිදි වියේ පසුවන කාන්තාවකි .
එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 08 ක් තුළ එන්නත් , පෙති , කරළ් සහ ආලේපන ඇතුළත් කිලෝ ග්‍රෑම් 65 ක් බර , බටහිර ඖෂධ තොගයක් සගවා ගෙන තිබුණි .
මෙම ඖෂධ පිළිබද රේගුවට ප්‍රකාශ කර නොතිබුණු අතර , සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිසි අවසරයකින් තොරව මෙරටට රැගෙන විත් තිබුණි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd