(මුදිතා දයානන්ද)
නීති විරෝධීව පත්වු අගමැතිද, ඔහු යටතේ ලබාදුන් සියලූ පත්වීම්ද තමන් පිළිනොගන්නා අතර ඒවා ප්‍රතික්ෂේප කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අද (04) පැවසීය.
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වූ හේරත් මහතා මෙසේද පැවසීය.
යහපාලන ආණ්ඩුව බලයට එද්දි මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු කිසිවක් ඉටු කළේ නැහැ. ඒ නිසා ජනතාවට ඒක එපා වෙලා තිබුණේ. අපිත් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංගයට පක්ෂව ඡන්දේ දුන්නා. ඒ නිසා අපි ඔහු අගමැති ලෙස පිළිගන්නෙත් නැහැ.
එහෙත් ඔහුව පරාජය කළ යුතු හා ඉවත් කළ යුතු ක්‍රමයක් ව්‍යාවස්ථාවේ තිබෙනවා. ඒ ක්‍රමයට පිටින් ගිහින් පත් කළ නව අගමැතිගේ පත්වීම නීති විරෝධියි. ඒ අනුව ඔහුගේ පත්විමෙන් පසුව පත්කළ ඇමතිකම්, අමාත්‍යංශ ලේකම් දූර, ආයතනවල සභාපති වරු ආදී මේ සියලූ පත්වීම් නීති විරෝධීයි. අපි මේ කිසිම පත්මක් පිළිගන්නේ නැහැ.
පත්කළ අගමැතිත්, හිටපු අගමැතිත් දෙදෙනාම අපි පිළිනොගන්නා අතර අපි පෙනී සිටින්නේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙනුයි. එහිදි අප පක්ෂය එක එක්කෙනාට ඕන ලෙස තම තමන්ගේ ගොඩවල්වලට දාගත්තාට එසේ කර අපිට විවිධ හංවඩු ගැහුවාට ඒවායින් අපි සැලේන්නේ නැහැ. මොන අවලාද ආවත් ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අපේ සටන ඉදිරියටම ගෙනයනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ චූටි මල්ලි, වසර ගණන් කල් තැබූ පළාත් සහ ප්‍රාදේශීය සභා ඡන්ද පවත්වන්නට බල කරන්නටවත්, මංකොල්ල කෑ මහ බැංකු මුදල් ටික ආපසු අරන් රටේ ආර්ථික අර්බුදයෙන් මුදවා ගන්නටවත් 'රනිල් සර්ට‘ බලපෑම් නොකළේ සර්ට බයේද? නැත්නම් ආදරේටද?
දැන්නම් ජී.වී.පී. එකේ අනුර, ටිල්වින් සහ විජිත සහොදරයින් කට ඇරියහොත් ඉවරයි වගේ. විජිත සහෝදරයා ඔයාලට මොකද මේ වුනේ...? රට ගැන රණවිරුවන් ගැන, දේශිකත්වය, දුප්පත් ජනයා වෙනුවෙන් හඬ නැගීම, පෑල දොාරෙන් පැනලා ගිහිල්ලා තවත් ඩොලර්වලට කෑගහන N.G.O එකක් තත්වයට පත්වෙලා මම දෙවරක් ගම්පහින් ඡන්දය දීපු ඔබට වැඩ කල අයෙක් ඔබ දන්නවා. මාව, නමුත් කිසිදා නැවත ඔබට ඡන්දය නොදෙමි. නැවත පසු වපරම් කරන්න පක්ෂයට හරි මගට ගන්න ඩොලර් දේශපාලනයට තිත තබන්න. 2002ට පෙර තත්වයට යන්න එ් ජනතාවට අවශ්‍ය සහ කැමති ජනතා විමුක්ති පෙරමුණයි....
අපේ රටේ අවාසනාවට බහුතරයක් මිනිසුන්ට ඔබතුමා ඔය කියන දේ තේරෙන්නේ නැහැ.
ඔබතුමා ඔය කතා කරන "අගමැති පරාජය කළ යුතු හා ඉවත් කළ යුතු ක්‍රමයක්" ව්‍යාවස්ථාවේ මොන වගන්තියේද තියෙන්නේ? අපිටත් ඇහෙන්න සජීවීව කියවන්නකෝ ඔය වගන්තිය.
නීතිවිරෝධී ආණ්ඩුව පිළිනොගන්නවා නම් එම තත්වය වෙනස් කිරීමේ හැකියාව දැන්ඔබගේ ඔඩොක්කුවටම වැටී ඇති බව පෙනේ. ආයුධ සන්නද්ධ විප්ලවයකින් රාජ්‍ය බලය ලබා ගැනීම ගැන යළි කිසිදා විශ්වාසය නොතබන බවටත්, එය ප්රජාතන්ත්රවාදී ක්‍රමයකින් සිදුවිය යුතු බවටත් ඔබ පක්ෂය දැන් දරණ මතය බව බොහෝ අවස්ථාවන්හිදී ඔබ ප්‍රකාශ කර ඇත. ඒ අභිප්‍රාය ඉටුකර ගැනීමට නම් දැනට පවතින ක්‍රමය යටතේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය සුරක්ෂිතව තිබිය යුතු බව ඔබට කියාදිය යුතු නැත. ඔබත් අත එසැවූ 19 වන සංශෝධනය ගැන පවා නොතකා දැන් සිදුව ඇති "රාජ්‍ය බලය වෙනස් කිරීම" ලැබෙන පළමු අවස්ථාවේදීම පරාජය නොකළහොත් ඒ ඉරණම අනාගතයේ දිනෙක ඔබේ පක්ෂයටද උරුමවනු ඒකාන්තය. මේ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ නමැති පුද්ගල නාමය අමතක කර පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් තම ස්ථාවරය ඍජුවම රටට ප්‍රකාශ කරන මෙන් සහෝදරත්වයෙන්ද, හැට දෙලක්ෂයක ජනතාව වෙනුවෙන්ද, යුක්ති ගරුකත්වය වෙනුවෙන්ද ඉල්ලා සිටිමු. එසේ නොවුනහොත් අද රනිල් වික්‍රමසිංහට වූ දේ හෙට දවසේ ජනතා විමුක්ති පෙරමුණේ ආණ්ඩුවකටද කවුරුන් හෝ විධායකයෙකුගෙන් සිදුවීම නොවැළැක්විය හැකිය.
කයිවාරුව වගේම ප්රජාතන්ත්රවාදය රකින්න ඇත්තම ඕනෑකමක් තියනවා නම් කරන්න ඕනෑ ඊට විරුද්ධව වෙලා තියන දේවලට එරෙහි වෙලා... හරි පැත්තට සහය දෙන එකයි. අපි අරයට සහය වෙන්නේ නෑ.. මෙයාටත් සහය වෙන්නේ නෑ.. කියන්නේ ප්රජාතන්ත්රවාදය රකින්න උදව්වක් නොවෙයි...
ඔබතුමාලා මොනවා කිව්වත් ජනතාව ඔබව පිළිගන්නත් සූදානම් නෑ. අපට අවශ්‍ය ඔබ හෝ ප්‍රධාන පක්ෂ දෙක නොවන බලවේගයක්...
2015 ජනවාරි 8 අගමැති පත් කරනකොට කොහේද හිටියේ...? තියෙන පුටු 6ත් නැති කරගන්න තමයි දඟලන්නේ...
ඇයි මේ මලිත්ට ගහද්දී චංචලා අඬන්නේ? ආණ්ඩුවට ඕන මිනිස්සු විපක්ෂ නායකකම් කරද්දී දවසින් දවස ඡන්දය කල් දාද්දී ඔය අයියලා කොහෙද හිටියේ? එකපාරටම නින්දෙන් නැගිටලා තමන්ගේ හාමුට තනතුර නැති වෙද්දී...
සහෝදරවරුන්ගේ කිසිඳු වරදක් නෑ. දැන් එයාලා දැන්වත් වැදගත් වංශවත් දියුණුම බලවත් බටහිර රටවල් සමග එක්ව ලෝක ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සටන් කරන මහත්වරු. ඒක නිසා දැන් ඔවුන් රැවුල නොවවයි. රතු කමිස නොඅඳියි. කැට නොසොල්වයි. පෙළපාලි නොයයි. කිසිම විටක ජාතික ඇඳුම නොඅඳියි. ටයි, කෝට් වලින් සැරසී ජාත්‍යන්තර සමුළුවලට යයි. ඔවුනට එකට කටයුතු කල හැකි සහ බොහෝ දුරට සමාන නායකයා රනිල්... එජාපයේ නායකත්වයට පවා සුදුසුකම් ඇත.
සැබෑ ප්රජාතන්ත්රවාදය නම් ජනතා මතය අනුව කටයුතු කිරීමයි. අනපේක්ෂිත ලෙස යහපාලනය ලෙස හඳුන්වන ලද ආණ්ඩුව රට, ජාතිය, ජනතාව ගැන නොසිතා විදේශ බලවේග සහ ව්‍යාපාරික සුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටීම නිසා වර්තමාන පාර්ලිමේන්තුවේ සැබෑ ජනතා මතය පිළිබිඹු නොවෙයි. මේ නිසා ජවිපෙ කළ යුත්තේ මහ මැතිවරණයකට යාමට දෙපාර්ෂවයම පෙළඹවීමයි. කණගාටුයි ජවිපෙ වර්තමාන හැසිරීම පිළිබඳව...
නීති විරෝධීව පත්වු අගමැතිද, ඔහු යටතේ ලබාදුන් සියලූ පත්වීම්ද තමන් පිළිනොගන්නවා නම් පළමුව ඔහුව පරාජය කරන්න කටයුතු කරන්න. ඊටපසුව ඡන්දයක් තියන්න අනුබල දෙන්න. එතකොට ජනතාව තීරණය කරාවි කවුද අගමැති කියලා...
දැන් තියෙන ජේවීපි එක ලංකාවේ දේශපාලන වේදිකාවේ විහිලු සපයන්නන් බව පැහැදිලියි. අවුරුදු 17ක් තිස්සේ එජාපය යටතේ මරබයේ ජවිප කාඩරයන් සහ හිතවතුන් හිටි බව දැන් ජවිප එකේ ඉන්න තරබාරු මහත්තුරුන් නොදනී. ජවිප නායක රෝහණ විජේවීර පවා ඝාතනය කල එජාප එකට සෘජුව හා වක්රරව උදව් කළ ආකාරය අපි දුටුවෙමි. "යහපාලනය "ගෙනෙන්නට දරදිය අද්දහැටි ලාංකීය ජනතාව සහ ජවිප හිතවතුන් නොදැක්ක නොවේ. දැන්වත් හිතන්න මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව වලපල්ලට දාන්න කැසකවන එජාප යට මුක්කු ගහනවද? ලාංකීය ජනතාවට සුලුහරි දෙයක් කරන අයත් එක්ක ඉන්නවද? අඩුමගානේ කාටවත් පරෙස්සම් කරගත්තොත් වඩාත් හොඳයි නේද?
ඔබතුමන්ලා කවදාවත් රටට වැඩක් කරලා නැහැ. කරන කෙනෙකුට කරන්න දෙන්නෙත් නැහැ. මත ප්‍රකාශ කරනවට වඩා හොඳයි මොනවා හරි වැඩක් කරන එක හෝ වැඩක් කරන අයට උදව් කරන එක. මේ වෙලාවේ රනිල්ව එලවන්න උදව් කරන්න. මේ වෙලාවේ රනිල් සහ කණ්ඩායම බලයේ හිටියනම් රටම ඉවරයි. රට එ්කෙන් බේරිච්ච එක ලොකු දෙයක්... එසේ නැතුව රනිල්ගෙයි, මහින්දගෙයි අතර ලොකු වෙනසක් නැහැ. මහින්ද වටේ ඉන්නෙත් එවැනිම කණ්ඩායමක් තමයි.
රටට වැඩ කරනවා කියන්නේ හොරකම්, කොල්ල කෑම් කරන එකද? කොමිස් ගැහිල්ලද? අන්ධකාරයෙන් අන්ධකාරයට ගමන් කරන්නන් මේ රටේ වැඩි බව කොමෙන්ට් වලින් පේනවා. පුරුවේ කරුමේ. ඒ ගොල්ලන්ට නෙමේ මහින්දලගෙන්, රනිල්ලාගෙන් හම්බවෙයි ප්‍රජාතන්තරේ, ගෙඩි පිටින්. අහුලා ගන්න ලෑස්ති වෙලාඉන්න...
සේනානායක වාසගමට නිගා කරන සක්කිලි වැඩක් නොවේද?
ඕකට මාධ්‍ය සාකච්චා තියලා වැඩක් නැහැ.
ඔයාලා මේ කතා කරන්නේ අවංකව නම් වහාම ප්‍රකාශයක් කරනවද මේ නීති විරෝධි ආණ්ඩුව යටතේ කිසිම වැටුපක් දීමනාවක් අපි ලබා ගන්නේ නැහැ කියල.
සහෝදරයා කියන විදිහට කාටවත්ම ඡන්දෙ දෙන්නේ නැහැ. නමුත් එහෙම කලොත් අනිවාර්යෙන්ම මහින්ද දිනනවා. එතකොට ඔය කියන ප්රජාතන්ත්රවාදය, ව්‍යවස්ථාව , සදාචාරය බරපතල විදිහට උල්ලංඝනය වෙනවා. මේ වෙලාවේ රට බේරගන්න ඉදිරියට එන්න, ඉන්පස්සේ ඡන්ද කල්දාන එකට හොරකමට එරෙහිව අවංකව ක්‍රියා කරන්න. තවමත් විශ්වාස කල හැකි දැනට තිබෙන පක්ෂය ජවිපෙයි.
මේ අවස්ථාවේ ජවිපෙ මන්ත්රීවරුනි ඔබගේ වටිනා ඡන්දය ප්රජාතන්ත්ර වාදය වෙනුවෙන් භාවිත කර රටට ආදර්ශයක් දෙන්න.
ඔයාලගේ අනාගතේ දැන් ඉවරවෙලා. අනුන්ට කඩේ යන එක ඩොලර් වලට ජේ.වී.පි. එක අවසානය ජනතාව ඉදිරියේ දැන් එළි වෙලා නේ? නිකන් බොරුවට බුරන්නේ නැතුව හිටියනම හරි, මොකද දැන් නුඹලාව හැමෝම දන්නා නිසා.
ඔයාල ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා හුගක් කල්..........