දිවයින පුරා නීතී විරෝධි ගිනි අවි අත්අඩංගුවට ගැනීමට අද (01) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස්පති පුජිත ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අද (01) සිට මාස තුනක කාලයක් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
(36698)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ එහෙම කොරලා මිනී මැරුම් අඩුවෙන්නේ නැත. අපිටත් තුවක්කු ගන්න පහසුකම් සලසන්න. එවිට හොර හතුරෝ වැට පනින්න භය වෙනවා.
මොන මෙහෙයුම් කරන්නත් අදාළ ක්ෂේත්රයේ පළපුරුදු නායකත්වයක් රටට තිබිය යුතුයි. අපට රටේ නායකයා ගැන හෝ එතුමාගේ ජීවිතය ගැන කිසිදු ප්‍රශ්නයක් නැහැ.ඒත් එතුමා රටේ නායකයා නිසා මේ රට යන දිසාව ගැන අපට බියක් තියෙනවා. මහින්ද මහතාට යුද්ධය දිනන්න ඕනෑ උනා. එතුමා ඒකට සරත් පොන්සේකා මහතාව දැම්මා. යුද්ධය දිනුවා. රට ප්‍රභාකරන්ගෙන් බේරුනා.එහෙම කෙනෙක්ව රටේ ආරක්ෂක ඇමතිවරයා කිරීමට ජනපති කැමති නැහැ. අද රටේ ආරක්ෂාව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ ඒකමතිකව තීන්දු කල නීති විරෝධී ,ව්‍යවස්ථා විරෝධී පුද්ගලයෙකු අතේ. මොන තරම් භයංකර අවස්ථාවකද අපේ රට තියෙන්නේ. අනේ ! අපේ රටට සිදුවූ කරුමයක හැටි.
මේක පත්තරේ දානවට වඩා හොඳයි, තියාගෙන ඉන්න මිනිස්සු හොයලා, එ් මිනිස්සුන්ට කියනවා අහවල් දවසේ අල්ලන්න එනවා ඊට කලින් හන්ගන්න කියලා. මෙහෙම ඒවා වෙන්නේ මේ රටේ විතරයි මම දන්නා තරමට...
මේවා පත්තරේ දාලා කළයුතු දේවල්වත්, ''විශේෂ මෙහෙයුම්'' වලින් කළයුතු දේවල් වත් නොවේ. රටේ සාමාන්‍ය නීතිය ක්රියාවේ යෙදීමේදී එදිනෙදා සිදු කළ යුතු රාජකාරියි. මේ මාස තුනට පසු "අවිගත්තෝ අවියෙන්ම නසිති " කියලා හිතලා වැඩේ අල්ලලා දාලා නිකම් ඉන්නවාද?
හුඟක් අවි..ආයුද .. අපේ රට තුලට එන්නේ " දීවරයින්ගේ මාර්ගයෙන් " බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා.
හොද වෙලාවට කලින් කිව්වෙ. දැන් ඔක්කොම හන්ගන්න පුලුවන්. මෙහෙමත් මෝඩ පොලීසියක්