IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘නීතී විද්‍යාල ප්‍රවේශ ගාස්තු වෙනස් කරන්න’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )


නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257කින් ඉහළ දැමීම හේතුවෙන්  එම සිසුන් මවුපියන් දැඩි දුෂ්කරතාවයට සහ  අසහනයට  පත්ව සිටින හෙයින්  විභාග ගාස්තු සහ  ලියාපදිංචි ගාස්තු වහාම  අත්හිටුවා දරාගත හැකි ගාස්තු අය කරන්නැයි  රජයෙන් ඉල්ලීමක් කරන්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ  සභාවේ  කටයුතු ආරම්භයේදී  ප්‍රකාශයක් කරමිනි. මෙවැනි අසීමිත ගාස්තු අය කළේ කුමන පදනමකින් දැයි ඔහු ප්‍රශ්න කළේය.

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
නීති විද්‍යාලයට ප්‍රවේශවීමේ විභාග ගාස්තු සියයට 257 කින් වැඩි කරල තියනවා. පළමු වසරේ සිසුන්ට 67500ක් ගෙවන්න තියෙනවා.  මේක බරපතළ ප්‍රශ්නයක්. මේක ගෙවන්න බැරුව බැරුව වාරික දෙකකට කඩලා තියෙනවා. 40,000,  27500 විදිහට. ඒ විසි හත්දහස් පන්සියත්  ගෙවන්න බැරිව  15000,12500 විදිහට වෙන් වෙන්ව ගෙවන්න කටයුතු කරලා තියෙනවා. ඒ ටිකවත් කරන්න බැරිවෙලා තියෙනවා. මේ විභාග ගාස්තු අත්හිටුවා සමාලෝචනයක් කරලා දරාගත හැකි මුදලක් අය කරන්න කියලා ඉල්ලනවා. දරුවන් වෙනුවෙන් සාධනීය විසඳුමක් ලබා දෙන්න.



අදහස් (2)

‘නීතී විද්‍යාල ප්‍රවේශ ගාස්තු වෙනස් කරන්න’

Bhadranie Wednesday, 23 August 2023 02:42 PM

අයදුම්පත්‍ර ඉදිරිපත් කරන්න තිබුණු දිනයත් පහුවෙලා එයට පෙර කිව්වා නම් හොඳයි.. ඒත් දැන්වත් කියපු එක වැදගත් කියලා හිතෙනවා...

:       3       1

Mohan Mangala Wednesday, 23 August 2023 03:36 PM

මෙයා හොඳයි ෆිල්ම් කම්පැණියකට..., හොඳට රඟපානවා.

:       4       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site