(නාලක සංජීව දහනායක)
රජය විසින් පනවා තිබෙන නීති රීති නිසා සාමාන්‍ය මිනිහෙක්ට නිදහසේ ජීවත්විය නොහැකි වටපිටාවක් නිර්මාණය වී තිබෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20) පැවැසීය.
නීතිය යනු යහමඟට ගන්නට ඇති ආධාරකයක් පමණක් යැයි කී ජනාධිපතිවරයා නීති රීති නිසාවෙන් ජනතාව පීඩාවට පත්කළ නොහැකි යැයිද කීය.
අරලියගහ මන්දිරයේදී අද (20) පැවැති සමස්ත ලංකා සමෘද්ධි සහ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිෂ්පාදන සංගමයේ 22 වැනි වාර්ෂික මහා සම්මේලනයට සහභාගී වෙමින් හෙතෙම මේ බව සදහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ රාජ්‍ය සේවාවන් ලබා ගැනීමේදී ජනතාව පත්වන අපහසුතාවය මඟ හැරවීමට කටයුතු කළ යුතු බවයි.
නීති රීති නිසාවෙන් අවශ්‍යතාවයක් සඳහා ගඟෙන් වැලි කූඩයක් ගොඩදාගන්න, වෙලෙන් මැටි ටිකක් අරගෙන ගඩොලක් පුච්චාගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන බව කී ජනාධිපතිවරයා මෙම තත්ත්වය ඉතාම ඉක්මණින් වෙනස් කළ යුතු යැයිද කීය.
ඡායාරූප - ශාන්ත රත්නායක




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු , කසිප්පු ,ගංජා .. කාරයෝ නිසා මිනිස්සුන්ට නිදහසේ ජීවත්වීම අපහසුවෙලා තියනවා කිව්වානම් නිවැරැදියි නේද .. අපේ රටේ සිද්දවෙන හැම අපරාදයකටම , දුෂණයකටම .. මේ ජාති තුන අඩංගුයි නේද .. ?
මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් පරිසරය රැකෙන්න ඕන . පරිසරය රැක ගන්න නම් නීති පනවන්නම වෙනවා .නමුත් ප්‍රශ්නේ තියෙන්නේ සියලු නීතිවලට යටත් වෙලා පොඩි දෙයටත් දඩුවම් විදින්නේ සාමාන්‍ය ජනතාව . දේශපාලනයේ යෙදිලා ඉන්න ලොකු කුඩා හැම තුප්පහියෙක් ම ඒ නීති වලට යටත් නැහැ වගේම පරිසරයත් සමාජයත් දෙකම විනාශ කරනවා … පුළුවන් නම් ඒක නවත්වන්න ..ඒ ඇති ..ඉතුරු දේවල් නිකම්ම හරි යාවි .
ක්‍රියාත්මක .. පිරිසිදු නීති..රීති හොඳ සමාජයකට අත්‍යාවශ්‍යයි . හැබැයි නීතිය කොරන අය නීති විරෝදීන් වෙනකොට ... එකෙට කියන්නේ " ලබු ගෙඩියේ තොයිලය " කියල ..!
මේ රටේ මිනිස්සුන්ට විනයක් නැහැ. නීති තිබිලාත් මෙහෙමනං, ලිහිල් කළාම කොහොම තියෙයිද? රටේ පරිසරය ඉතුරුවෙන එකක් නැහැ.
රටක නීති පද්දතියක් තිබෙන්නේ රට හා පරිසරය ආරක්ෂා කිරීමටය රටට උචිත ලෙස පාර්ලිමේන්තුව හරහා එය වෙනස්කිරීමට හැකිය ප්රශ්නය තිබෙන්නේ දේශපාලන උවමන වෙනුවෙන් එය නොතැකිමයි වැලිකුඩයක් අරගත්තාට කමක් නැත මනාපයට වැලිගොඩ දැමීමෙන් පරිසර ප්‍රස්න ඇති වීමට හැකිය
නිතිය නිසා තමයි ලෝකේ රටවල් දියුණු මිනිස්සු වෙලා ඉන්නේ.නැතිනම් තවමත් ගල් යුගයේ ජිවත් වෙන්නේ.අය්යෝ දැනුමනම් අන්තිමයි .....ඉස්කෝලේ ආයේම ගිහින් එන්න.
බීලා වාහන එලවන්න බැහැ කියන නීතියත් අයින් කරලා දාන්න ඕනේ. එතකොට මට නිදහසේ වාහන එලවන්න පුළුවන්. මම පිස්සෙක්. නගරයේ ඉන්න කාර්ය බහුල අයගේ ගම්වල තියෙන අකාර්යක්ෂම වතු සංවර්ධනය කරන ව්‍යාපාරයක් ලියාපදිංචි කරන්න ගිහිල්ලා මට පිස්සු හැදුනා. අත ඇරලා දැම්මා වැඩේ. මට පිස්සු.
ඔව් කුඩු ගෙන්න හරිම ලේසියි. නීතිය තමයි දැන් තියන ලොකුම බාධාව. තේරුනේ දැන් තමයි.
නිතිය පොඩි මිනිහට බාධාවක් උනාට ලොකු ලොකු අයටනම් බාදාවක් නෙවෙයි. ගගෙන් වැලි කුඩයක් ගොඩදාගන්න දුන්නොත් දේශපාලන හෙන්චයියෝ ගගේ ඉවුරු කපාගෙන ගොඩ දානවා. රටේ නායකයා මේ වගේ සුළු සුළු දේවල් ගැන නෙවෙයි ජාතික ප්‍රශ්න විසදන විදිහ ගැන කතා කරන්නයි ඕන. අඩු තරමින් මේ ණය උගුලෙන් රට ගලවාගෙන රටේ ආර්ථිකය ගොඩදාන විදිහ ගැනවත් කියන්න මහත්තයෝ. ඉදිරියේදී රජයේ සේවකයින්ට පඩි ගෙවාගන්නවත් භාණ්ඩාගාරයේ සල්ලි නැහැ.
අපේ රටේ මිනිස්සුන්ගේ හැටියට නීති රීතිත් නැති උනොත් නම් ජනාධිපතිතුමෝ රටම සුන්. පළමුව කළ යුත්තේ ජනතාව නීති ගරුක කරවීමයි. ඊට පස්සේ පුළුවන් නීති රීති ලිහිල් කරන්න. උදාහරණ පාරට, ඇළට දොලට කුණු දැමීම, මහා පාරේ ගමන් කිරීම, වාහන පැදවීම. ලිස්ට් එක නම් දිගයි.
නීති ලිහිල් කලාට විතරක් මදි. එම වාසිය මිනිස්සුන්ට ලැබෙනවද කියලත් සොයලා බලන්න. උදාහරණයක් ලෙස ගන්නවානම් වැලි ප්‍රවාහනය සම්බන්ධව නීති ලිහිල් කළාට වෙළඳපලේ වැලි කියුබ් එකක මිල අඩුවී නොමැත. නිතිය ලිහිල් කරනකොට වැලි කියුබ් එකකට පාලන මිලකුත් නියම කළානම් හොඳ බව මගේ අදහසයි.
ඔව් ඔව් රටේ නීති නැති නිසා තමයි හිරේ ඉන්න ඕනේ මිනිස්සු එළියේ ලොකු ලොකු තානාන්තර දරන්නේ. අනේ අපේ රටටත් හොද නීති රීති ගරු කරන ජන සමාජයක් බිහිවේවා !අද හොරු හැමතැනම. එළියේ ඉන්න ඕනේ අය ඇතුලේ. ඒ වගේම ඇතුලේ ඉන්න ඕනේ අය එළියේ. අපේ රටේ නීතියේත් හැටි.
නීතියට වැඩකරලා පුරුදු නැත්නම් නිතිය බාධාවක් තමයි.
එක ඇත්ත. බැංකු හොරු ඒ සල්ලි වලින් සිංගප්පුරුවේ සුර සැප විඳිනවා. ලිප ගිනි මොළවා ගන්න ගහක අත්තක් කපපු කෙනා හිරේ ගිහින් අච්චු විඳිනවා. ජනාධිපතිතුමනි, මේ හොරු ටික අල්ලලා දාන්නකෝ ඇතුළට.
ගගෙන් වැලි ගන්න ගියාම නැති බැරි කෙනා කූඩයක් ගන්නවා. පුළුවන් කෙනා ඩෝසර් දාලා හාරනවා. ගඩොල් තමන්ගේ වැඩේට කපන කෙනා ටිකයි ගන්නේ. මහා පරිමාණයෙන් මැටි කපන කෙනා පරිසරයවත් නොතකා පස් කපන යන්ත්‍ර දාලා කපනවා. මේ මහා පරිමාණ පරිසර විනාශය නවත්තන්න ක්‍රමයක් රටට ඕන. දේශපාලුවන් ඔය ජාවාරම් පිටිපස්සේ ඉන්න එකයි ගැටලුව.
ඊයේ පරිසරය ගැන කතාකොට අද ගංගාවල වැලි ගොඩ දැමීම කමක් නැතිලු. අනේ මන්දා.
අපිටනම් දැනෙන්නේ නීති රීති ක්‍රියාත්මක නොවන පරිසරයක අපිට ජිවත් වීම අසීරු තත්වයකට වැටි ඇති බවයි.
ඉතාම ප්‍රායෝගික නායකයෙක්. රට නිවැරදි මාවතට ගනීවි.
මසුරන් කතාව. නීති නිසා අපිට හොරකමක් කරගෙන නිදහසේ ඉන්නත් නෑ. 69 ට ජයවේවා ! රටට අබ සරණ වේවා !
නිති ගරුක රටක් හදන්න කියල ආපු කෙනා රටේ තියන නීති ටිකත් විනාශ කරලා වගේ යන්න හදන්නේ. ඉස්සරහට රටට අබ සරණයි ! මිනීමරුවෝ, හොරු බලයට පත් කරගත්තනම් විදවන්න මිනිසුනේ......
ජනාධිපතිතුමනි, අපි අරාබිකරයේ මහන්සි වෙලා හොයන සල්ලි වලින් එවන මුහුණු ආවරණ ටික, විටමින් හා රුධිර පීඩනයට පවුලේ අයට එවපු බෙහෙත් ටිකත්, තැපැල් කන්තෝරුවෙන් බාර නොදී තියාගන්නවා. මේ මොන නීතියක්ද ?
අම්මගෙයි තාත්තගෙයි සොහොන මහජන මුදලින් හැදුවා වාගේ නීතිය ගණන් ගන්නේ නැතුව ඕන දෙයක් කරගන්න ඔය කියන විදියට පූර්වාදර්ශයට ගන්න.
අර මිග් යානා ගනුදෙනුවට සම්බන්ධ, ඩුබායි ඉඳලා ආපු කෙනාටත් මේ නීතියක් හින්දා නිදහසේ ඉන්නත් නෑලු....
රටක් පාලනය වියයුත්තේ නීතිමය රාමුවක් යටතේයි... පාලකයින්ද එයට යටත් වියයුතුයි..
නීතියක් අවශ්‍යයි. එයට පාලකයින්ද යටත්විය යුතුයි.
නීතී අවශ්‍යයි... පාලකයන්ද එයට යටත්විය යුතුයි.