
(අතුල බණ්ඩාර)
අනුරාධපුර පූජා නගර සංවර්ධන කමිටුව රැස්වී ගනු ලබන තීන්දු තීරණවලට පිටින් පූජා නගරයේ නොගැළපෙන දේ සිදුවන නිසා තව දුරටත් පූජා නගර සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වීම තේරුමක් නැතැයි අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස හිමි සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරි පල්ලේගම හේමරතන හිමියෝ පවසති.
උතුරු මැද ආණ්ඩුකාර මහීපලා හේරත් මහතා ද කියා සිටියේ නාහිමිවරුන්ගේ එම ප්‍රකාශවල සත්‍යක් ඇති බවයි.පුරාවස්තුවලින් පිරිණු අනුරාධපුර පූජා නගරය බෞද්ධයන්ගේ හදවත. ඒ නිසා මේ පූජානගරය අප විසින් රැකගත යුතුයි. මේ භූමිය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණක් තීන්දු තීරණ ගත නොහැකියි.
මේ පූජා භූමියේ නොගැලපෙන දේ ස්ද්ධ වෙනවා. සමාධි පිළිම වහස්සේ ළඟ පොසොන් පොහොයට සැදැහැවතුන් දහස් ගණනක් සිල් සමාදන් වෙනවා. දැන් එතන තඩවලින් පිරිලා. ඒ මදිවටතවත් කඩ අලුතින් හදනවා යැයිද කීහ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහිංසක මිනිස්සුන්ගේ දරුපවුල් රකින ආදායම් මාර්ග වලට කෙළවන්නෙ නැතිව, ඒ කඩ පිළිවෙලකට හදලා එයාලටම දුන්නනම් නේද හොද
සම්පූර්ණ ඇත්ත. පූජා බිම සම්පූර්ණයෙන් විනාශ වෙමින් තියෙනවා. මෙහෙම ගියොත් මේකත් වෙළඳ සංකිර්ණයක් මැද තියෙන පන්සල් ගොඩක් විතරක් වේවි. අනවශ්‍ය විදියට හැදෙන මේ ව්‍යාපාර වහාම ඉවත් කරන්න. මේවා හදනකොට පුරා වස්තු වලට මොකද වෙන්නෙ?
සුද්දගේ කාලේ ඉඳන්මනේ... යටත් විජිත කොළනි.. හැම රටක්ම ඔහොමයි.