(පාලිත ආරියවංශ)
හාලිඇල පරගහඇල්ල - බැද්දෙගම මාර්ගය සංවර්ධනය නොකිරීම නිසා පරගහඇල්ල , කොළණිය,පහළගම ඇතුළු ගම්මාන රැසක ජනතාව කලක සිට දැඩි දුෂ්කර තාවයකට පත්ව සිටිති.
මැදගම සිට පරගහඇල්ල ගමේ කොටසක් දක්වා පමණක් බස්රථයක් ධාවනය වුවද මාර්ගයේ එම කොටසද අද ඉතා අබලන්ව පවතින බව ගම්වාසීහු පවසති.
පරගහඇල්ල සිට බැද්දෙගම දක්වා මාර්ගය කිසිසේත්ම සංවර්ධනය වි නැති අතර එම මාර්ගයේ පාගමනින් වත් ගමන් කිරීමට නොහැකිය. ඇතැම් අවස්ථාවලටදී කුඩු දරුවන් ඇද වැටී තුවාල ලබන බව ද ගම්වාසීහු අපහා පැවැසූහ.
කිලෝ මීටර් හතරහමාරකින් බදුල්ලට යාමට ඇති ගමන කිලෝ මීටර් දාහතරහමාරක් ගොස් බදුල්ලට ළඟා වීමට සිදුව ඇතැයි ජනතාව කියති .
පාසල් දරුවන්ට කිලෝ මීටර්කි දෙකහමාරක් පාගමනින් ගොස් මැදගම විදුහලට යාමට සිදුව තිබේ .
බදුල්ල නගරයේ පාසල්වලට යන සිසුන්දෙ පාගමනින් මග දුරක් ගොස් බසය ලබාගන්නා නමුත් එම එකම බස්රථයද බොහෝ දවස්වල ධාවනය නොවන බවත් එදිනට දරුවන්ගේ පාසල් ගමනද නතර වන බව සිසුහු චෝදනා කරති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අගමැතිතුමා වගේ ගේන්නකෝ, පුද්ගලික ගුවන් යානයක් ටවුමට යන්න.
හැලි අරක්කු ජොනියෝ, ඉර හඳ අල්ලන්න කතාව... මේවා පේන්නැද්ද?
ඔහොම යමු උදිත ලොක්කා... ඉක්මණින් මංතීරු ටිකක් හදලා දේවි.. එතෙක් ඉවසන්න. ඉවසන්න අමාරුයි නම් ගමේ කට්ටියම එකතුවෙලා පාර හදාගන්න. ඔය පැත්තේ වැනිලා වවලා සංවර්ධනය කරනවා කියපු වියතුන් කෝ?
පොහොට්ටුවට සර්ට ඡන්දය උඩින්ම දුන්න පළාත්... සර්ට ලියලා බලමු... සලකයි. පොහොර සහනාධාරය දුන්නා වගේම...
ඇයි අර ජොනියා උඩ පැන පැන ජනතා අයිතියට පවරන්නේ පාරවල්..? එයාට මේවා හදන්න පේන්නේ නැද්ද? මේවා හදලා ලැබෙන කොමිස් කුට්ටිය මදි නිසාද අත ගහන්නේ නැත්තේ..? හොරාකන්න උපන් හරකුන්ව බලයට පත්කරන්න මේ ගමේ අයත් ඡන්දෙ දෙන්න ඇති නේද?
ඔය පැත්තේ ජොගින් ට්රැක් එකක් හැදුවා නම් මිනිස්සුන්ට වැටෙන්නේ නැතිව පාරේ යනහැටි පුරුදු වෙන්න තිබ්බා..
මේවා ගැන වැඩිය දාන්න එපා. පුද්ගලික ගුවන් යානාවලින් ගමන් යන නායකයෝ ඉන්න ආඩම්බර රටක් ශ්රී ලංකාව කියන්නේ. දැන්වත් ඡන්දය හරියට පාවිච්චි කරන්න. පොරොන්දු ඉටුකළේ නැතිනම් උන්ගේ ගෙවල් ගිනි තියන්න.