(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ )
අපොස උසස් පෙළ විභාගය සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත්කරනු ලැබ ඇති "විභාග කාලසටහන" ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විනිවිද පෙරමුණේ ලේකම් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද (03) ප්‍රතික්ෂේප කරනු ලැබීය.
අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා විසින් අද (03) මෙම පෙත්සම සැලකිල්ලට ගැනීමෙන් පසු එය එසේ ප්‍රතික්ෂේප කරනු ලැබුවේය.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් කපිල පෙරේරා, විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ සුනිල්.ජේ. නවරත්න යන මහත්වරු නම්කර තිබිණි.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට පුරා පාසල් සැලකිය යුතු කාලයක් වසා තිබූ අතර ඒ හේතුවෙන් සිසූන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල පාඩුවක් සිදුවූ බවත් , ඔවුන්ගේ විෂය නිර්දේශ පවා නිසි අයුරින් සම්පුර්ණ කර ගැනීමට නොහැකි වූ බව පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා තිබුණි .2021 අපොස උසස් පෙළ විභාගය ලබන 07 වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
නාගානන්ද ගොනුකළ රිට් පෙත්සම විසිවෙයි
Bamunuarachchi Friday, 04 February 2022 03:43 PM
නාගානන්දත් එක්කම විසික් කළාද?