
(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
නිකවැරටිය නාවාන ප්‍රදේශයේ නිවසකට කිසියම් පිරිසක් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ගිරිල්ල පොලිසිය කියයි.
මෙම වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති අතර. නොම්මර 12 වර්ගයේ තුවක්කුවකින් වෙඩි තබා ඇතිබව පොලිසිය කියයි.
නිකවැරටිය ප්‍රදේශයේ පසුගිය දිනවලදී පැවැත් වූ නිර්පාක්ෂික අරගල වලට සම්බන්ධව කටයුතු කළ තරුණයෙකුගේ නිවසකට මෙම ප්‍රහාරය එල්ලවී ඇත. අදාළ තරුණයාගේ සොහොයුරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත බැවින් ඇය අධ්‍යාපන කටයුතු කරමින් සිටියදී ඇයගේ හිසට ඉහළින් ගමන්කළ මූනිස්සමක් අසල බිත්තියක පතිතව තිබිණ.
මේ වනවිට අදාළ නිවසට පොලිස් ආරක්ෂාව යොදවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරයන්ට නීතිය ක්‍රියාත්මකවීම අත්‍යවශ්‍යයි.