(නිමන්ති රණසිංහ)
ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකුගේ බිරිද රුපියල් කෝටි දෙකක දේපල සමග සිය දරුවන් දෙදෙනා ද රැගෙන පලායෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි මුල්ලේරියාව පොලීිසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ ඊයේ (10) කරුණු වාර්තා කර ඇත.
පවුම් 47ක රත්‍රන් සහ මුදලින් රුපියල් ලක්ෂ 140කට අධික මුදලක් ද සමග තම බිරිද දරුවන් දෙදෙනාද රැගෙන පලා ගොස් ඇතැයි මෙම සිද්ධියට අදාළව පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ පදිංචි ප්‍රසිද්ධ ජ්‍යෝතිෂ්‍යවේදියකු බව මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
වයස අවුරුදු දෙකහාමරක සහ වයස අවුරුදු එකහාමාරක තම දරුවන් දෙදෙනා සිය බිරිද විසින් රැගෙන ගොස් ඇති බව පැමිණීල්ල සදහන් කර ඇතැයි ද මුල්ලේරියාව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
මෙම සිද්ධිය අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විමසා සිටියේ, දරුවන් සහ දේපල රැගෙන යාමට බිරිදට අයිතියක් නැතිද? යන්නය. එහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කළ පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා මෙම තැනැත්තිය දේපල කොල්ලකා පලාගොස් ඇති බවත් මේ වන විට විදෙස් ගතවීමට උත්සාහ දරමින් සිටින බවත් ප්‍රකාශ කර සිටියේය. එබැවින් ඇගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසට ද නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලිමක් කළේය.
දරුවන් සහ දේපල රැගෙන යාමට නිත්‍යානුකූල බිරිදකට අයිතියක් ඇති බවත් ඒ හේතුවෙන් එම තැනැත්තියගේ විදෙස් ගමන් තහනම් කිරීමට කිසිදු නෛතික පදනමක් නොමැති බවත් මෙහිදී ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි කේන්දරේ නෝනා පැනලා යන්න නියමිතයි කියලා ලියවිලා තිබුනේ නැද්ද?
අනුන්ගේ කේන්දර බැලුවට තමන්ගේ කේන්දරේ බලාගෙන නැහැ වගේ
එයාට පෙනුනේ නැද්ද දන්නේ නෑ එක්ක යන්න ඉස්සෙල්ලා .මිනිස්සු රවටලා ගරපු සල්ලි
අන්න අත් හැර යන්න හේතුව ,මේ කේන්දර කාරයාගේ නැකත්පත
දැන්වත් තේරුම් ගනිල්ලා මුන් කරන්නේ පට්ටපල් බොරු කියලා. තමන්ගෙ ගෑනි පැනලා යනවා කියලා ඔහුගේ හඳහන බලාගන්න බැරි වෙලා නේ මූට හරියට. ඉතින් මේ වගේ උන් කොහොමද අනිත් මිනිසුන්ගේ අනාගතය ගැන අනාවැකි කියන්නේ.
නම කියන්න මෙච්චර බය ඇයි....?
ආදර්ශය සංගීතයෙන්ද ?
පුදුමයි, නැකත්කරු මේක දැන ගත්තේ නැති එක. අනික් මිනිසුන්ගේ අනාගතය දකින්න පුළුවන් කෙනා තමන් ගැන බලලා නැහැ.
පොරොන්දම් ගැලපීමේ අවුලක් තිබී ඇති වගෙයි...
මේ පුද්ගලයා ප්‍රසිද්ධ පුද්ගලයෙක් නම් ඔහු දක්ෂයෙක් නම් පොරොන්දම් බලන්න ඇතිනේද? එහෙම කළානම් මේවා පේනවා. පොරොන්දම් නොබලා විවාහ වුණානම් මොහු රැවටීමකට හසුවී තිබීමට හෝ පෙනීමේ දුර්වලතා ඇත්තෙක් වීමට හැකිය. විවාහක බිරිඳට සැමියාගේ දේවල් අයිතිය තියෙනවා..
ගරු අධිකරණයේ තීන්දුව හරිම ප්‍රශංනියයි .ඇයි දැන් ඔය කේන්දර කාරයාගේ හදහනේ තිබුනේ නැතිද දන්නැ ගෑණි තමන්ට ධන යෝගයක් ගෙනත් දෙනවා කියලා. හොද වැඩේ ඔය බොරු කකුල් කාරයන්ට
අනුන්ගේ කේන්දර බැලුවට තමන්ගේ කේන්දරේ බලාගෙන නැති පාටයි.
කෝටි ගාණක් හොයා ගත්තු අය කීයක් ආණ්ඩුව ට බදු ගෙවල තිබෙනවා ද කියල හෙව්වොත් ඊට නරකද.
සැමියා සාදා තිබූ හොඳ නැකතක්ම බලා තමයි බිරිඳ දරුවන් සහ දේපළ අරන් පැනලා ගිහින් ඇත්තේ... සුබ නැකතකින් හොඳ වැඩක් පටන්ගන්න කවුද අකැමැති.. නේද?
දරුවෝ දෙන්නගේ ජාන පරීක්ෂා කලොත් නැකැත්පත ඔප්පු වේවි මගේ හිතේ
මේ කියන කෙනා වයස තිස් ගණනක් වන කෙනකු හෝ නොපෙනෙන කෙනෙක් වීමට හැකියි..
නම දාන්න පත්තරේ... එතකොටවත් තව අය මේකට අහුවෙන්නේ නැහැ.