
(ඉන්දික අරුණ කුමාර)
මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් පරිදි හා සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම යටතේ කෝවීඩ් ආසාදිතයින් වාර්තා වූ නාඋල ඇගළුම් ශාලාව වසා දැමීමට පියවර ගන්නා බව නාඋල ප්‍රාදේශීය සභා සභාපති සනත් දසනායක මහතා කියයි.
අද (19) පස්වරුවේ මෙම තීරණයට එළඹි බව නාඋල ප්‍රාදේශීය සභා සභාපති සනත් දසනායක මහතා කියා සිටියේය.
ප්‍රශ්න ගත ඇගළුම් ශාලාවේ ඊයේ (18) සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාවේ දී ආසාදිතයින් 10 ක් හදුනාගත් අතර, අද (19) දිනයේ හමුවු කෝවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව 17 කි.
ආසාධිතයින් වැඩි පිරිසක් ඇගළුම් සේවිකාවන් හා සේවකයින් වන අතර ඔවුන්ගේ ඇසුරේ සිටි පාසල් වයසේ පසුවන දරුවන් තිදෙනෙක් ද මේ වන විට ආසාදිත තත්ත්වයට පත්ව තිබේ.
මෙම ඇගළුම් ආයතනය වසා දැමිමෙන් පසුව කිසිදු සේවකයකුට මාතලේ දිස්ත්‍රික්කයෙන් පිටවිම සිදු නොකරන ලෙසත් දින 14 ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යටත්ව කටයුතු කරන ලෙසත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ මහතා සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් ලබාදී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd