(සුමිත් ප්‍රේමතිලක)

බේරුවල ධීවර වරායෙන් මසුන් මැරීම සදහා මුහුදු ගොස් සිටී බහුදින ධීවර යාත්‍රාවක් මාලදිවයින් මුහුදු සීමාවේදී අනතුරට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

යාත්‍රාව නොපිට පෙරලී ගොස් ඒ මත නැගී ආධාර ඉල්ලා කෑගසමින් සිටී ධීවරයන් , ඒ අසලින් ගමන් ගත් ඉන්ධන ප්‍රවාහනය  නෞකාවකින් බේරාගෙන ඇති අතර එක් ධිවරයකු අතුරුදහන්ව ඇතැයි ද බේරුවල වෙරළ ආරක්ෂක බළකා කාර්යාලය සඳහන් කරයි.

පයාගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට බහුදින ධීවර යාත්‍රාවක් වන  අතර , එහි බේරුවල , වලතර සහ අඹේපිටිය ප්‍රදේශවල ධීවරයන් ගමන්කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි වෙරළ ආරක්ෂක බළකාය පවසයි.