(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාරවිල උතුරු මුදුකටුව ධිවරයන් පිරිසක් තොටුපලක් ඉල්ලා තම ධිවර යාත්‍රා මුහුදේ පා කරමින්  විරෝධතාවක  13 නිරත වූහ.

තම ධීවර බෝට්ටු මුහුදේ පාකර විරෝධතාවේ නිතර වූ එම පිරිස උතුරු මුදුකටුව ශාන්ත අන්තෝනී දේවස්ථානයේ උදෑසන දේවමෙහෙය පැවැත්විමට පෙර ධිවරයන් තම ඥාතින් සමග දේවස්ථානය ඉදිරිපිට නිහඩ විරෝධතාවයක නිරත  වූහ.

කලින් කලට පැවති සෑම රජයකින්ම තම උතුරු මුදු කටුවට ධිවර තොටුපලක් ඉල්ලා සිටියද එය මේ වන විටත් ලබා දීමට කටයුතු කර නැති බව ධීවරයෝ චෝදනා කරති.