
(බිමල් ශයාමන් ජයසිංහ)
අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවෙසක නිදා සිටි දරුවන් දෙදෙනකු මරා දැමූ සිද්ධියේ අත් බෝම්බය එල්ල කළ ප්‍රධාන සැකකරු සහ ත්‍රී රෝද රථය පදවාගෙන පැමිණි පුද්ගලයා විශේෂ පොලිස් කණ්‌ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.
බෝම්බය එල්ල කළ ප්‍රධාන සැකකරු සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන විදේශගතව සිටින කොස් මල්ලි නැමැත්තාගේ මාමා වන දෙහිවල අත්තිඩිය මන්ත්‍රීමුල්ල පාර පදිංචි අයෙකි.
ප්‍රධාන සැකකරුට නවාතැන් පහසුකම් සහ ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු ද දත්තඩංගුවටට ගෙන ඇත.
ඉකුත් 11 වැනි දින සිදු වූ මෙම අපරාධයෙන් මියගොස් තිබුණේ හෙට්ටිආරච්චිලාගේ දුමින්ද ගිහාන් (11) හා හෙට්ටිආරච්චිලාගේ කසුන් රශ්මික (17) යන සොයුරන් දෙදෙනාය.
එම බෝම්බ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලද ඔවුන්ගේ පියාගේ පාදයක් කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් කටයුතු කර තිබිණි.
මෙම අපරාධයට සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් තීරෝද රථය මෙම අපරාධකරුවන් අතට පත් කළ අපරාධ කල්ලි සාමාජිකයා සහ තීරෝද රථයේ වර්ණ වෙනස් කර චැසි හා එන්ජින් අංක කපා අංක තහඩු වෙනස් කළ ගරාජ් හිමියා පෙරේදා 13 අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන බෝම්බකරු දෙහිවල ගල්කිස්ස පොදු සූසාන භූමියේ මුරකරුට ජූලි මස 19 වැනි දා වෙඩි තබා බරපතල තුවාල සිදු කිරීමේ වෙඩික්කරු මෙන්ම ඉකුත් අගෝස්තු 01 වැනි දින අත්තිඩිය තීරෝද රථ ගාලකදී කුඩු අංජුගේ මුදල් අයකැමිවරයාගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ වෙඩික්කරු බව පොලිසිය කියයි.
තීරෝද රථය පැද වූ පුද්ගලයා දෙහිවල ශ්‍රී සරණංකර පාර පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම සැකකරුවන් දෙදෙනා වර්ණ සහ චැසි අංක වෙනස් කළ තීරෝද රථය නැදිමාල ආසිරි මාවතේන් ඉකුත් 11 වැනි දා රාත්‍රී 9.00 පමණ ලබාගෙන නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයකට ගොස් නවාතැන් ගැනීමෙන් අනතුරුව අපරාධයේ සඳහා පැමිණි බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd