(පාලිත ආරියවංශ)

පසුගිය දා ඇතිවූ දිට්වා සුළි කුණාටු තත්වයෙන් බැට කෑ බදුල්ල  මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කළුගහකඳුර ගම්මානයේ ජනතාව දැන් එල්නිනෝ බල පෑමටද ගොදුරුවෙමින් සිටිති.

දිට්වා විනාශයෙන් පසු තම් ගම්මානයේ කිතුල් ගස් ,පුවක් ගස් සහ පොල්ගස් මිය යමින් තිබෙන බවත් ඉතිරිවී තිබූ ගස් ටිකද මේ දිනනවල බලපාමින් තිබෙන එල්නිනෝ තත්වයේ වර්ධනයත් සමග වියැලී විනාශවෙමින් තිබෙන බවත් ගම්වැසියෝ කියති.

මෙම ජනතාව කිතුල් කර්මාන්තයෙන් සහ පුවක් අළෙවියෙන් හොඳ ආධායමක් ලැබූ අතර ඒ සියල්ල අහිමිවී දැන් අන්ත අසරණ තත්වයකට පත්ව සිටිති.

කිතුල් ගස් විනාශවිම මෙන්ම ඉතිරී වී ඇති සිමිත කිතුල් ගස් වලින් ඇල්දිය ලැබෙන්නේ ඉතා සුළු පැණි ප්‍රමාණයක් බවටද මැසිවිලි නගති.

මේ නිසා කිතුල් පැණි මෙන්ම හකුරු නිපදවීමට ඇනහිටි තබේ.

දිට්වා වලින් විනාශවූ ගමට නම හැදුන කළුගහකදුර ද වියැලී ඇති අරත ජල උලපත්ද දිනෙන් දින සිදී යමින් තිබෙන බව ගම්වැසියෝ ඉතා සංවේගයෙන් පවසති.