(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආච්චි )
ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික උජිත කුමාර නොහොත් වනාතේ කුඩු දුමින්ද නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී පාළු නිවසක් තුළ වල දමා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ මෙන්ම ද්විත්ව ඝාතනයට යොදාගත් යතුරුපැදියක්ද සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.
එම සැකකරුගේ ප්‍රකාශ මත විදේශීය රටක නිෂ්පාදිත අංක 2009 ලෙස සඳහන් 9mm වර්ගයේ රිවෝලර් වගේ ගිනි අවියක් හා එම 2015 ලෙස සඳහන් රිවොල්වර වර්ගයේ ගිනි අවියක් හා එම ජීව උණ්ඩ හතරක් මෙන්ම යතුරු පැදියක්ද පොලිස් භාරයටගෙන ඇත.
ඉකුත්22 දා සමාජික වනාතයේ දුමින්ද ඇතුළු අපරාධ කල්හි සාමාජික සාමාජිකාවන් 21 දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් ස්ථාන හතරක් ඇතුළු විමර්ශන ඒකක 14 ක් වෙත යොමු කර තිබූ අතර වනාතයේ දුමින්ද කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක එක ඒකකයේ රඳවාගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී එම ගිනි අවි සහ ජීව උණ්ඩ මෙන්ම යතුරුපැදිය සොයාගෙන තිබිණි. වනාතේ දුමින්ද නැමැත්තාට ශ්‍රී ලංකා පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd