IMG-LOGO

2025 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


දළදා වන්දනාවේ දින දීර්ඝ නොකරයි

(ළහිරු හර්ෂණ)

පුරා දින 10ක් පුරා පැවැති සිරි දළදා වන්දනාව කලින් නියම කර ගත් පරිදී අනිද්දායින් (27) අවසන් කරන බව ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිලංග දෑල මහතා අද (25) පැවැසීය.

දළදා මාලිගාවේ අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දියවඩන නිලමේවරයා මේ බව පැවැසීය. මෙහිදී අදහස් දක්වමින් දියවඩන නිලමේ නිලංගදෑල මහතා මෙසේ ද පැවැසීය.

දළදා වන්දනාව සඳහා දෛනිකව සැලසුම්කරගත් ප්‍රමාණයට වඩා විශාල බැතිමතුන් පිරිසක් පැමිණ තිබෙනවා. දළදා වන්දනාව අට වන දිනය වූ ඊයේ (24)  දිනත් බැතිමතුන් විශාල පිරිසකගෙන් මහනුවර පුරවරය පිරි තිබෙනවා. බැතිමතුන් වැඩි වීමත් සමග වන්දනා කරගැනීමට හැකි කාලය අඩුවක් තිබෙනවා.  මේ වන විට විශාල ජනකායක් මහනුවර අවට  රැඳී සිටීම නිසා  පාරිසරික වශයෙන්  මෙන්ම සනීපාරක්ෂක වශයෙන්  පහසුකම්  දෙන්න අවහිරතාවක් පවතිනවා.

 ශ්‍රී ලංකා පොලිසිය, යුද හමුදාව,  සෞඛ්‍ය අංශ නගර සභාව මධ්‍යම පළාත් සභාව  විශාල සේවාවක් ඉටු කරනවා. අප එය අගය කරනවා. අම්පිටිය පාර කටුගස්තොට පාර යන ප්‍රදේශවල මේ වන විට විශාල ජනකායක් රැඳී සිටිනවා.  එම ප්‍රදේශවල සිටින ජනතාව, වෙළෙඳ ප්‍රජාව  විශාල සේවාවක් කළා.  අප ඔවුන්ගේ එම සේවාව අගය කරනවා.

ජනාධිපති අනුරකුමාර දිසානයක මහතා ඊයේ (24) පෞද්ගලිකවම මහනුවරට පැමිණ මල්වතු - අස්ගිරි මහා නාහිමිපාණන් වහන්සේලාත් දියවඬන නිලමේ හැටියට මාවත් මුණ ගැසිලා සාකච්ඡා කළා.

ඒ අනුව කලින් නියම කරගත් පරීදි ශ්‍රී දළදා වන්දනාව අනිද්දා (27) දක්වා පමණක් පැවැත්වීමටත්  හෙට දිනයෙන් දළදා වන්දනාව අවසන් කිරීමටත් තීරණය කළා යැයි ද දියවඩන නිලමේ නිලංග දෑල මහතා පැවැසීය.



අදහස් (6)

දළදා වන්දනාවේ දින දීර්ඝ නොකරයි

යෝගා Friday, 25 April 2025 08:29 PM

2009දී ලක්ෂ ගණනක් කිසිම ප්‍රශ්නයක් නැතුව දළදා වහන්සේ වැන්දා. මෝඩ ආණ්ඩුවට මේ පාර ලක්ෂ තුනකටවත් වන්දනා කරන්න සංවිධානය කරගන්න බැරි වුණා. දින දීර්ඝ නොකරන එක හොඳයි. නැත්නම් තව කීපදෙනෙක් පෝලිම්වල මැරෙනවා. කුණු ගොඩ ගැහිලා මුළු නුවරටම වසංගත තත්ත්වයක් ඇතිවෙන්නත් තිබුණා. අන්දරේගේ ආණ්ඩුව මේකත් ෆේල් වුණා..

:       1       1

Toni Saturday, 26 April 2025 12:17 AM

දීර්ඝ කරන්න බැහැනේ... කඩේ චොරවෙලා ඉවරයි. මේ ආණ්ඩුව කරන කරන වැඩේ චොර....

:       1       1

Tharindu Saturday, 26 April 2025 03:56 AM

නැතිනම් බැහැනේ. දැනටමත් මහනුවර, විශාලා මහනුවර වෙලා ඉවරයි.

:       1       2

Buddika Saturday, 26 April 2025 08:22 AM

මේක හොඳයි. ආන්ඩුවේ කයිවාරුව සහ නොහැකියාව හොඳට දැනුණා. ස්ටේජ් උඩ විසිල් ගැහුවාට බල්ටි නෑ. විවේචනයට වඩා වැඩකිරීම අසීරු බව මාස ගාණකදී ආන්ඩුවම ප්‍රායෝගිකව ඔප්පු කළා. ඒවා ගැන පොත් ගණන් ලිවිය හැකියි. ඊට වඩා දළදා වහන්සේ අපේ උතුම්ම වස්තුව. ඇයි මේ ප්‍රදර්ශනය පවත්වන්න වසර 16ක් ගියේ? ඒ නිසාමයි මේ අධික තදබදය. ඒක නොකළ එකේ වගකීම නිලමේවරයා, මල්වතු, අස්ගිරි හිමිවරු මෙන්ම පැවැති ආණ්ඩුත් ගතයුතුයි. වසරක් පාසා මේක කළා නම් මේ තදබදය නෑ. මේ දැඩි තදබදය නිසාම නුවර අද අපායක් වෙලා. අපු පන්සල් යන්නේ, ගෙදර බුදු පහන තියන්නේ පිරිසිදුව... ඒත් අපේ මිනිස්සු ගැන විලිලැජ්ජයි. දවස් ගානක් පෝලිමේ ඉඳලා නස්ගන්න, ඇඳුමක් මාරුකර ගන්න, වොශ් රූම් එකට යන්න නැහැ. පාරවල් ගානෙ මල ජරාව. මේක උතුම් දළදා වහන්සේට අගෞරවයක්. වසරක් ගානේ කළා නම් ප්‍රශ්නයක් නෑ. එලෙස කරන්නට නොහැකිවීමට කිසිම හේතුවක් නෑ. උතුම් දළදා වහන්සේ බෞද්ධයින්ගේ උරුමයක් මිස මල්වත්තේ, අස්ගිරියේ හෝ නිලමේගේ පුද්ගලික බූදලයක් නොවෙයි...

:       1       2

චන්දිම Saturday, 26 April 2025 08:36 AM

බුදුරජාණන් වහන්සේ කවදාවත් මිනිසුන්ට තමන් වහන්සේ හමුවන්නට එන වෙලාව ගැන එකඑක තහංචි දැම්මේ නැහැ. මේ ගොල්ලෝ ඔය එක එක කතා කියාගෙන දන්ත ධාතුන් වහන්සේ තමන්ගේ රදල උරුමයක් කරගෙන තමන්ට ඕන වෙලාවට විතරයි පෙන්නන්නේ. අඩු ගානේ මේ වගේ වර්තමාන කාලයක බැරි මොකද තීරණයක් අරගෙන සවස තේවාවෙන් පසු රාත්‍රි කාලයේ සිට පාන්දර තෙක් ප්‍රදර්ශනය කරන්න. එහෙම කළා නම් ඔය මිනිස්සුන්ට රෑ තිස්සේ පෝලිමේ නිකම් බලාගෙන ඉන්න වෙන්නේ නැහැනේ. එහෙම කළා නම් ඔය ප්‍රශ්න ගොඩක් ඉවරයිනේ...

:       0       5

ගමේ එකාලා Saturday, 26 April 2025 04:13 PM

අවුරුදු 16 ක් තිස්සේ ප්‍රදර්ශනය නොකර හිටියේ මහනායක හිමිවරුන්ගේ සහ දියවඩන නිළමෙගේ උවමනාවට වෙන්ඩැ. උතුම්වූ දළදා වහන්සේ සියලුම බෞද්ධයින්ට උරුම දෙයක් නිසා, අඩුම තරමින් වසරකට වරක්වත් ජනතාවට ප්‍රදර්ශනය කිරීම වටිනවා...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 337 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16525 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 623 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site