
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල දුම්රියපොළ අසලදී මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබූ පුද්ගලයන් යතුරු පැදියකින් කොළඹ දෙසට පලා යන බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
තුවාලකරුවන් පිළිබඳ මෙතෙක් තොරතුරක් නැත.
යතුරුපැදියේ ලියාපදිංචිය අංකය පොලිසිය වෙත ලැබී ඇති අතර ඒ ඔස්සේ විමර්ශන සිදු කරන බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව දේශපාලන හිතවත්කම් උඩ පොලිසියේ ලොකු පුටුවලට පත්කල සෙවල නිලධාරීන්ට, නම්බුව නැතුව හරි ඉල්ලා අස්වෙන්න කල් හරි.
අනවසර ගිනි අවි ගැන මෙතෙක් අපි කියපුවා වතුරේ. මේ ආණ්ඩුවත් ඒ වගේම තමයි. පාතාලය රජ කරනව. ජනතාව අනාථයි දේශපාලුවො රැකෙනව. කාට කියන්නද.
ජාතික ආරක්ෂාව පිළිබඳ ටියුෂන් ඉවර නෑනෙ. ඒක ඉවර වුණාම ඔය හැමදාම හැම තැනම වෙඩි තියන එක නතර වෙලා යයි.
රටේ මහජන ආරක්ෂක ඇමැතිතුමා හිටියනං ඕකුන් ඉතුරු කරන්නේ නෑ.උන්ගේ වෙලාවට එතුමා ටියුෂන් එකකට ගිහින් හිටියේ ජාතික ආරක්ෂාව ගැන .
දෙහිවල ඉඳලා කොළඹ පැත්තට යනකම් පොලීසි කීයක් තියෙනවාද?
ආණ්ඩුවේ කොමඩිය දවසේ වෙඩිල්ල මහජනයාට නම් ට්‍රාජඩ් එකක්. දකුණු ඇමරිකානු රටවල කාටෙල් රන් කරන නගරවල පොලිසිය වගේමයි, මහා දවල් ඇවිල්ලා එදිරිවාදිකාරයෝ මරනකොට පොලිසිය බුදි...