
(එච්.එම්. ධර්මපාල, දිලංගා ගෝමස් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දෙහිවල දුම්රියපොළ පිටුපස ගොඩගල අසල මුහුදු තීරයේදී කිඹුලකු විසින් පහරදීමක් නිසා කිමිදුම්කරුවකු අද (3) උදෑසන අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කළ පසු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි .
මෙලෙස මියගොස් ඇත්තේ රත්මලාන කල්දේමුල්ල සුනාමි ධීවර නිවාසවල පදිංචිව සිටි කේ .ජයන්ත පීරිස් නම් (50) හැවිරිදි මුහුදු කිමිදුම්කරුවෙකි.
මොහු සමග අද (3) උදෑසන සුපුරුදු පරිදි සංගමයේ තවත් කිමිදුම් කරුවන් කීප දෙනෙකු සමග ගැඹුරු මුහුදේ කිමිදුම් කටයුතුවල යෙදී සිට ඇත .ඒ අතර අනෙක් අය උදෑසන 10.30 ට පමණ නැවත වෙරල දෙසට පැමිණෙමින් සිට ඇති අතර , ගැඹුරු මුහුදේ කිඹුලකු විසින් මිනිසකු කටින් ඩැහැගන යනු දැක ගොඩට පැමිණි ධීවරයන් අනෙක් ධීරවයන්ට ඒ පිළිබදව දන්වා තිබේ.
ඒ අනුව වහා ක්‍රියාත්මකවූ කොළඹ දිස්ත්‍රික් විසිතුරු මසුන් අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති එල්.එච්.රංජිත් සිල්වා මහතා සිද්ධිය පිළිබඳව මෙසේ පැවසීය .
මේ පිළිබඳව මා වෙත දැනුම් දුන් ධීවරයින්ගේ බෝට්ටුව ඉල්ලාගන ඉක්මනට ඒ දෙසට ගියා .ටික වෙලාවක් යනවිට කටින් හපාගන සිටි අය සමග කිඹුලා මුහුදු රළ අතරින් මතුවෙලා ආවා .මම ඉක්මනට බෝට්ටුවේ තිබූ කොකු සහිත ඇමක් ඒ දෙසට දාලා බෝටිටුව ඇදගන ගියා එවිට කටේ සිටි අය අතහැරවා කිඹුලා පලා ගියා අප ඉක්මනට පාවෙමින් සිටි ජයන්ත පීරිස් අය බෝට්ටුවට දාගන ගොඩට ගෙනත් ඉක්මනට රෝහල් ගත කලා ඒ යන විටත් ඔහුගේ උරහිස කථටස හොදටම සපා කාලා තුවාල වෙලා ඔහු කටින් සෙම දමමින් සිටියා . පසුව අපට ආරංචි වුනා ඔහු මිය ගිය බව .
අප වනජීවි අංශයෙන් ඉල්ලා සිටින්නේ මෙවැනි භයානක කිඹුලන් අල්ලා ඉවත් කරන ලෙසටයි නැතිනම් ඉදිරියේදී ධීවරයින්ට ධීවර කටයුතූ පවා සේදු කර ගැනීම අවධානම් බවත් කියා සිටිනවා .
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ අධීක්‍ෂණය යටතේ පොලිස් සැරයන් 64471 ධර්මදාස. පොලිස් කොස්තාපල් 81267 සංජීව යන නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය දිනවල ප්‍රසිද්ධ මුද්‍රිත මාධ්‍යයක පළවුණා කිඹුලෙකු වෙරළට ආසන්න මුහුදේ සැරිසැරුවා කියලා මිනිසුන් වනජීවී කාර්යාලයට දැනුම් දුන්නා. වනජීවී කාර්යාලයේ පිළිතුර වී ඇත්තේ... කිඹුලා අල්ලන්න යන්න වාහන නැති බවයි. වනජීවියේ පිළිතුර? මිනිස් ජීවිතයක වටිනාකම...?
ඉතා කණගාටුදායක පුවතක්. විදේශීය සංචාරකයෙකුට මේක වුණා නම් ඒ කර්මාන්තයත් වැටෙනවා. වනජීවි දෙපාර්තමේන්තුවේ කට්ටියට අලි කරදර ජය ගන්නත් බැරුව මේ වැඩේ කරන්න පුළුවනිද දන්නේ නෑ...
කිඹුලා ඇල්ලුවොත් මාධ්‍ය සාකච්ඡාවකට ගේන්න හොඳේ...
වනජීවී එකට කියල හරියන්නේ නැහැ,