(එච්.එම්.ධර්මපාල සහ ශාන්ත ප්‍රදීප් කුලරතන්න)

දෙහිවල ‘ ක්වාටස් ක්‍රිඩා පිටිය ‘ අසළදී ඉකුත් 06 දින පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදු කළ බව කියන සිද්ධියේ වෙඩික්කරු බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.

 අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුබෝවිල වනරතන පාරේ පදිංචි අයෙකි (52)

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීමෙදී ඝාතනයට යොදාගත් මෙරට නිෂ්පාදිත බෝර 16 වර්ගයේ ගිනි අවිය හා උණ්ඩ කොපු 04 බෙල්ලන්විල උද්‍යානය අසල වළ දමා තිබියදී සොයා ගත් බව පොලිසිය කියයි.