(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශග තව සැඟව සිට දකුණු පළාතේ ප්‍රබල අපරාධ වල යෙදෙමින් මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව‍්‍ය මෙන්ම ගිනි අවි ජාවාරම සිදුකරන පටබැඳි මද්දුමාගේ ශෙහාන් සත්සර හෙවත් දෙහිබාලේ මල්ලි නමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් රුපියල් කෝටි 25 කට අධික වටිනා දේපල තහනමට ලක් කළ බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
නීතීවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සහකාර අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක ප්‍රියදර්ශන විතානගේ මහතා ඇතුළු නිලධාරීන් දීර්ඝ කාලයක සිට සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස මෙම දේපළ තහනම සිදු කර ඇත.
ඒ අනුව දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කර්‍යාලය අසල ඇති කෝටි 5 ක් පමණ වටිනා නිවස සහ ඉඩමද, ඔහුට අයත් කෝටි 20 කට වැඩි වටිනාකමකින් යුත් ( මෙලීනා 01 / මෙලීනා 02 / මෙලීනා 03 / මෙලීනා 04 / මෙලීනා 05 ) ධීවර ටෝලර් යාත්‍රා පහක් දික්වැල්ල ධීවර වරායේ නැංගුම්ලා තිබියදි මෙලෙස තහනමට ලක් කළ බව පොලිසිය සඳහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේෂිගේ උත්සාහයේ එක ප්‍රතිඵලයක්. ඉතාම සතුටුයි. නමුත් තව බොහෝ දේවල් සහ පුද්ගලයින් ඉන්නවා, තියෙනවා හොයන්නයි, රාජසන්තක කරන්නයි, අත්අඩංගුවට ගන්නයි.
මෙම මුදල් වෙනම අරමුදලකට බැරකළ යුතුයි. මුදල් රාජසන්තක කළ විගසම, මෙම මුදල් කුඩුවලට ඇබ්බැහි වුවන් පුනුරුත්තාපනයට යොදාගත හැකියි..
ස්තූතියි මහේෂා…
"ක්‍රියා විරහිත කර ඇති දේපළකි" කියලා බෝඩ් ගැහුවට, තාම දෙහිබාලේ මල්ලී ක්‍රියා විරහිත වෙලා නෑනේ !!!
දෙහිට තාම බෝඩ් එක එල්ලලා නෑ. ලඟදීම එල්ලයි. මොවුන්ගේ සල්ලි, දේපල තහනම් කලොත් ඔක්කෝම රැස් බහිනවා. ඊට පස්සේ ලුණු දෙහි දාන්න පුළුවන්...
දූෂිත පව්ල් පාලනේ අය හිටියා නම්, කොටින්ගෙන් අල්ලා ගත්තු, වටිනා සම්පත් රත්තරන් පවා කොල්ලකෑවා වගේ මේවටත් වැඩේ දෙනවා...
හරි දෙයක් කරාම අගයපන්...
ඔය එක්කම නාකොටික් හිටපු සෙට් එකේ ගෙවල් වල සයිස් එක, තියෙන වත්කම් හොයලා රාජසන්තක කරන්න පවුල් ලක්ෂ ගානක් විනාශ කරලා, තරුණයින් ලක්ෂ ගානකගේ ජීවිත අපායක් කරලා ගත්තු බෝට්ටු, දකුණේ උන් ඇයි මේ තරම් සල්ලි වලට කෑදර. මේ බෝට්ටු තමයි බඩු ගෙනෙන්න පාවිච්චි කරන්නේ..., රට වටකර මුහුදට හදිසි නීතිය දාන්න...
ස්තුති මහේෂා, එකෙක් දෙන්නෙක් එළවන්නේ නැතිව මේ ප්‍රශ්නේ විසදන්න බැහැ.
නෙවිල් වන්නිආරච්චි ගේ දේපල අවුලක් නැද්ද තවම? ඉක්මනින් මේ සියළුම ජඩයන්ට දඩුවම් අවශ්‍යයි