කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පස්වරු 2.00 පසු ස්ථාන ස්වල්පයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

බස්නාහිර , සබරගමුව, මධ්‍යම, දකුණ සහ වයඹ පළාත්වලත් අනුරාධපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට අලුයම් කාලයේදී මීදුම් තත්වයක් පවතී.