
(අංජුල මහික වීරරත්න)
"දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - 2025 " ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ජාතික මට්ටමේ සංවර්ධන වැඩසටහනක් ලෙස දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා 2025 අයවැයෙන් රුපියල් මිලියන 2,000ක ප්‍රතිපාදන වෙන් කර තිබේ. එම වැඩසටහන යටතේ යටිතල පහසුකම් ඉහළ නැංවීම,දේශීය නිෂ්පාදන හැකියාවන් ප්‍රවර්ධනය,සේවා සැපයුම් යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම,
වෙළෙඳ සහ අලෙවිකරණ පහසුකම් වැඩිදියුණු කිරීම,ආයතනික ධාරිතා ශක්තිමත් කිරීම,යන අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කෙරේ.
දරිද්‍රතාව හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන ගෝලීය දර්ශකයක් වන බහුමාන දරිද්‍රතා දර්ශකය ඇසුරින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් දරිද්‍රතා මට්ටම පාදක කර ගනිමින්, දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන - 2025 ක්‍රියාත්මක කිරීම සඳහා 2025 අයවැය මඟින් සලසා ඇති ප්‍රතිපාදන එක් එක් දිස්ත්‍රික්කය වෙත වෙන් කර දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට කැබිනට් අනුමැතිය