IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දොස්තර මහේෂිකගේ දියණිය කළ ඉල්ලීම

(රෝෂන් තුෂාර)

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කළේ යැයි කියන ,අධිකරණය ඉදිරියේ සැකකාරියක වූ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ   විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණියට එරෙහිව චෝදනාපත්‍රයක් ගොනුකරන්නේ ද? නැද්ද? යන්නන පිළිබඳව අනිද්දා දින (07) අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය  අල්ලස් කොමිසමට අද(05) නියෝග කළාය.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හේමාලී විජේරත්න සැකකාරිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ නේවාසික රෝගීන්ට  ස්නාය ශල්‍ය උපකරණය වැඩි මිලට විකිණීමෙන් දූෂණය නම් වරද සිදු කරන ලදැයි කියන විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණ තර්ජනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළාය.

ඇප මත සිටින සැකකාරියට විදේශීය අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍ය බලා යෑමට ඇති බැවින් ඒ සඳහා ඉඩ ලබා දෙන්නැයි  ඇයගේ නීතිඥවරුන් විශේෂ මෝෂමක් ගොනු කරමින් අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විසි එක්  වියැති ලාබාල තැනැත්තියක් වන සැකකාරියට ලබන 13 වෙනි දින අධ්‍යාපනය හැදෑරීම සඳහා  එංගලන්තය බලා යෑමට ඇති බවත්, එසේ නොගියහොත් ඇගේ මුළු ජීවිත කාලයම අඳුරට පත්වන බැවින් ඊට ඉඩ ලබා දෙන ලෙසට සැකකාරියගේ   නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඇය ලාබාල තැනැත්තියක් බැවින් මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් වූ  විමර්ශනය සුදුසු කොන්දේසියක් යටතේ සමථයකට පත්කිරීමටට  කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින්  නඩුව සමථයකට පත්කරනවාද? නැතහොත් චෝදනා ගොනු කරනවාද ?යන්න සම්බන්ධයෙන්  ස්ථාවරය අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ උපදෙස් පරිදි ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි බව දන්වා සිටියේය.

එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු දක්වමින් මෙම පැමිණිල්ල ලබන 27 වැනි දින කැඳවීමට නියමිත බවත්,එම දිනය වන තෙක් විමර්ශනය කල් තැබුවහොත්  ඇයට එංගලන්තය බලා යෑමට  නොහැකි වන බැවින් කොමිසමේ ස්ථාවරය 13 දිනට පෙර ඉදිරිපත් කරන්නැයි කොමිසමට දන්වා සිටින ලෙසද ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාරියට එරෙහිව චෝදනා පත්‍රය ගොනු කරන්නේද නැතහොත් සැකකාර පාර්ශවය ඉල්ලා සිටින කොන්දේසි මත නඩුව සමථයකට පත්කරන්නේ ද යන්න පිළිබඳ ස්ථාවරය ලබන හත දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොමිෂමට නියෝග කළාය.



අදහස් (1)

දොස්තර මහේෂිකගේ දියණිය කළ ඉල්ලීම

fairoos Wednesday, 06 August 2025 03:26 PM

එහෙම තියෙද්දි තමයි කට වරද්ද ගත්තා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site