IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දූෂණ අක්‍රමිකතා විසින් පාපන්දු සම්මේලනය ගිලගෙන

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දූෂණ අක්‍රමිකතා නිසා ශ්‍රී ලංකා පාපන්දු  සම්මේලනය අකර්මණ්‍ය වී ඇතැයි ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට නිසි නිලධාරී මණ්ඩලයක් පත් නොකිරීම නිසා අරාජිකත්වයක් ගොඩනැගී දූෂණ අක්‍රමිකතා සිදුවීම නිසා පාපන්දු ක්‍රීඩා ක්ෂේත්‍රයේ  ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බව ද අනුර දිසානායක මහතා කීය.

 පාපන්දු  සම්මේලනයට කඩිනමින් නිලවරණයක් පවත්වා සුදුසු නිලධාරී මණ්ඩලයක් පත්කර ගත යුතු බවද දිසානායක මහතා පැවසීය.

නිලවරණයක් පැවැත්වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ  එකිනෙකට පරස්පර අති විශේෂ ගැසට් නිවේදන තුනක් නිකුත් කර තිබෙන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

එසේම සම්මේලනයේ ඇතැම් නිලධාරීන් විසින් එහි අරමුදල අවභාවිතා කර ඇති බවට සම්මේලනයට අනුබද්ධ පාපන්දු සංගම් විසින් ක්‍රීඩා බලධාරීන්ට පැමිණිලි කර තිබූ බවත්  නිලවරණය පැවැත්වීමට පෙර මෙම පැමිණිලි පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කොට අදාළ වාර්තා නිලවරණයට පෙර සාමාජික සංගම්වලට දැනගැනීමට සැලැස්වීම අත්‍යවශ්‍ය බවද දිසානායක මහතා පැවසීය.

ඊට පිළිතුරු දෙමින් ක්‍රීඩා හා යෞවන කටයුතු  රාජ්‍ය  අමාත්‍ය ‍රෝහණ දිසානායක පැවසුවේ  මේ පිළිබඳ  අධිකරණයේ නඩුවක් පවතින බවත් එහි නියෝගය  ලද පසු පාපන්දු  සම්මේලනය පැවැත්වීමට කටයුතු කරන බවත්ය.



අදහස් (8)

දූෂණ අක්‍රමිකතා විසින් පාපන්දු සම්මේලනය ගිලගෙන

3% සරණයි! Wednesday, 05 October 2022 05:18 PM

විශ්ව විද්‍ය‍යාලවල දූෂණ " නවක 'ලප' වද" අක්‍රමිකතා නිර්මාතෘතුමාට 3% සරණයි..!

:       6       10

Sasith Wednesday, 05 October 2022 05:37 PM

ඇයි ක්‍රිකට් පේන්නේ නැද්ද? බෝර්න් අගේන් ක්‍රිස්තියානි නෙමේ නම් තේරීම් කමිටුව ඔවුන්ව තෝරන්නේ නෑ. ඒත් ආගම ඒකනම් කොච්චර බිංදු ගැහුවත් තියාගෙන ඉන්නවා...

:       1       6

රුවිතසේනWednesday, 05 October 2022 10:15 PM

හා හා එයා හාම්පුතුන්ට විරුද්ධව කථා කරන්නේ නෑ. අයර්ලන්තෙන් මන්දිර අරන් 500ක විතර ආරක්ෂකයො වටකරන් ඉන්න සල්ලි හම්බෙන්නේ කාගෙන් කියලද හිතන්නේ.

:       1       1

fairoos Wednesday, 05 October 2022 06:29 PM

වහල්ලුන්ට මේවා කියලා වැඩක් නැහැ...

:       4       9

SUNIL MILANO Wednesday, 05 October 2022 07:34 PM

දූෂණ අක්‍රමිකතා... විනාශකාරී වැඩ කරන්නෙම මේ අපතයින් ටික තමයි.

:       4       8

SUNIL MILANO Wednesday, 05 October 2022 07:37 PM

දැන් තමයි තේරුම් ගන්න පුළුවන්. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහත්තයාට දුර දක්නා නුවණක් තිබුණු බව. කොටි යුද්දය කාලේ ප්‍රයෝජනයක් ගත්තේ නැහැනේ...!

:       0       0

Perera Thursday, 06 October 2022 02:50 AM

පාපන්දු සම්මේලනය ගැන කියවන්නේ මුළු ලංකාවම දුෂණය ,අක්‍රමිකතා වලින් ගිලගෙන තියෙද්දී

:       0       0

Bunny Preena Thursday, 06 October 2022 08:49 AM

අපේ ජාතික සන්නාම සලකුණ හොරා කෑමයි ,දුෂණයයි නේ .ඒක නැතිනම් කිසිම ලාංකික ගතියක් පෙන්නුම් කරන්නේ නැහැනේ .ක්‍රීඩාවට,ක්‍රීඩකයින්ට ,රටට හෝ ජනතාවට මොනවා උනත්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 300 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site